Chapter 16

867 141 10
                                    

හිත ඇතුලේ නලියන වේදනාව අසරණකම මගේ ඇස් කදුළුලින් තෙත් කරා... පිරිලා තියන කරුවල අතරේ ඒ වේදනාව පිටකරලා දාන්න මට කාගෙන්වත් තහනම් තිබුනේ නෑ..... හිතේ අස්සක් මුල්ලක් නෑර තිබුන වේදානාවල් කදුළු කරලා පිට කරන කොට හිතට යාන්තමින් සැහැල්ලුවක් දැනුනා.... ඒත් අයියාව මතක් වෙන කොට ආයේමත් හිත පත්තු වෙලා යනවා.... ජීවිතේ හැම වෙලාවේම පැතුවේ මේ හිත කාගේ ගාවත් නතර වෙන්න එපා කියලා..... මේ හිත කාටවත් බැදෙන්න එපා කියලා... මොකද මේ බොලද හිත තැනක් අල්ල ගත්තෝතින් ලේසියෙන් අතරින්නේ නැති නිසා..... හිත වටේට බැදලා තියන වැටකඩොලු ඔක්කොම බිදලා දාලා තදින් අල්ලගන්න නිසා..... ඒත් හැම වෙලාවෙම සිද්ද වෙන්නේ මම කරන්න අකමැති දේමයි.... එලියේ සීතල ටිකක් තදින් දැනෙන්න ගත්තු නිසා මම පුටුව උඩට කකුල් දෙකත් අරගෙන වකුටු උනා....

මට මන් ගැනම දැනෙන්නේ පුදුම තරමේ දරාගන්න බැරි තරම් ආත්මානුකම්පාවක්.... වැස්සත් එක්ක හමාගන එන සීතල හුළග නිසා එලියේ සීතල දරාගන්න බෑ..... ඒත් ඇතුලට යන්න හිතෙන්නෙත් නෑ.... මේ සීතල මකා ගන්නට ඒ පපුවට තුරුල් වෙලා ඉන්න තිබුනනම් කියලා මට හිතුනා.... මට ලොකු පාලුවක් තනිකමක් දැනෙනවා මගේ අයියේ... මේ තරම් පාලුවක් වේදනාවක් අම්මා මාව දාලා ගිය දවසෙවත් දැනිලා නෑ..... ඒ අසරණකම ඒ පාලුව මටත් හුස්ම ගන්න තියන ආසාව නැති කරලා දානව.... මේ හැමදේම අතරේ මට අප්පචිවත් මතක් උනා... අනේ ඔයාවත් මගේ ලග හිටියම් මට මේ තරම් පාලුවක් දැනෙන්නේ නැතිවෙයි.... ඔයාගෙ පුතා ගොඩක් තනි වෙලා අප්පච්චි... ඌට ආදරය කරන්න ඌව බලාගන්න මේ ලෝකේ කවුරුත්ම නෑ...... අනේ පුලුවන් නම් ඔයාගේ ගාවට මාවත් ගන්න මගේ අප්පච්චි.....

"මල්ලි..... ඒ... මල්ලි... අදූර්..... නැගිටහන්......"

එක පාරම කිසිම අනුකම්පාවක් නැතිව වගේ දිමාන් අයියා මාව තදින් හොලවල හොලවලා ඇහැරෙව්වා..... මිනිහා හොදටම බීලා වගේ..... පොඩ්ඩක් වැනෙනවා....

"අයියේ....."

"කාගෙන් පලි ගන්න හිතාගේනද යකෝ උඹ මේ කන්නේ බොන්නේ නැතිව සීතලේ කරුවලේ නිදාගන ඉන්නේ......."

අයියා එහෙම කියනකොටයි දැක්කේ රානි අම්මා ගෙනල්ලා තියලා ගිය කෑමයි තේකයි තාමත් පැත්තක තියනවා.... හිතේ ගින්න ඇති වෙච්ච මිනිස්සුන්ගේ බඩගින්න නිකම්ම නැති වෙලා යනවා මගේ අයියේ.......

අදූර් || YizhanWhere stories live. Discover now