Chapter 9

982 143 16
                                    

දිමාන් අයියාගේ හැසිරිම මගේ ඇතුලාන්තයේ නිදාගෙන ඉන්න හැගීම් අවදිකරනවා වගේ දැනුනත් මම මගේ හැගීම් යටපත් කරගන්න උත්සහ කලා... මම දන්නවා දිමාන් අයියාගේ අම්මයි අප්පච්චියි කොහොම හරි ආයෙමත් මේ අහිංසකයව කසාදෙකට පටලවනවා කියලා.... මොකද විරාන් කිව්වා වගේම තාමත් චණ්ඩියා වගේ අපිට පාට් දැම්මට එයාගේ අප්පච්චි ලොකු සද්දයක් දැම්ම ගමන් ගොලු වෙනවා.... ඒ නිහඩ බව එයාගේ ජීවිතේ ගොඩක් දේවල් පැහැරගෙන යනකොටත් ඒ දේ දරාගන නිහඩව ඉන්න එක කොයිතරම් දුරට සාමාන්‍ය මනුස්සයෙක්ට ගැලපෙනවද කියලා මම හිතුවා...

"අදූර්... මොකෝ කරන්නේ ......"

අදුර වැටිගෙන එන්නත් ලගයි මම තාම පුටුවේ වාඩි වෙලා එලිය බලාගන මගේම ලෝකෙක....

"මුකුත් නෑ බන්..... "

"උඹ හෙට මාත් එක්ක ගෙදර යනවද නැත්තම් මෙහේ ඉන්නවද..."

"මම ඔෆිස් යන්න ඕනේ බන්.... නිවාඩුවක් ලැබුනම හිමිහිට ඒ පැත්තේ එන්නම්......"

මම එහෙම කියාගෙන කාමරයට ආවා... වෙලාවකට හිතෙනවා මේ හිත කොයි තරම් පරිස්සම් කරගන්න හැදුවත් බෑ කියලා.... දවස් දෙකෙන් මේ ගෙදර මේ බැදීම් කොයි තරම් මගේ හිතට ඇල්ලුවාද කියවා නම් මට විරාන් යනවද යනවද කියලා අහද්දි දැනුනේ මුලින්ම ආපු දවසේ දිමාන් අයියා කිව්වා වගේම එලියට බැහැලා පලයන් කියනවා වගේ හැගීමක්.... මම කාමරයට ඇවිත් වොෂ් එකක් දාගන්න ගියා...

"විරාන් මචං ටවල් එක දියන්කෝ.... අමතක උනා...."

මම බාතෲම් එකේ දොරත් බාගෙට ඇරලා කෑගහකොට විරාන් ටවල් එක දුන්නා.....

ඉස්සර අපි එකට ඉන්නකොට නම් තුවාය ඉල්ල ඉල්ල ඉන්නේ නෑ ගෙනියන්න අමතක උනොත් එහෙම්මම එලියට එනවා.... මට විතරයි කොල්ලෙක් දැක්කම නගින්නේ... විරාන් අපේ එකෙක් නෙවෙයි... ඒත් විරාන් දිහා එහෙම වැරදි ඇහැකින් මම බලලා නැති නිසා අපි දෙන්නට දෙන්න උපන් ඇදුමෙන් දැක්කා කියල ලොකු අවුලක් නෑ..... ඔය එවෙලෙට විරාන් කියන කුප්ප කතාවක් ඇරෙන්න වෙන දෙයක් වෙලා නෑ.... ඒත් අනුන්ගේ ගෙදරක නිසාත් දොර වහලා නැති නිසාත් එලියට එන්නේ නැතුව තුවාය ඉල්ලුවා.... මම ඇගත් පිහගන කාමරයට එනකොට විරාන් ඇදලග කබඩ් එක අස්සේ රිංගගන මොනා හරි හොයනවා....

අදූර් || YizhanWhere stories live. Discover now