Chapter 2

1K 157 22
                                    

ඉතින් අදත් වෙනදා වගේම උදේම ඔෆිස් ගිහින් මම පුරුදු විදිට වැඩ කරන්න පටන් ගත්තා..... අලුතින් පටන් ගත්ත වැඩක් නිසා ඔලුව උස්සන විදිහක් ඇත්තේම නෑ..... හවස මීටිං එකට යන්න තියන නිසා ඊට කලින් පුලුවන් තරමක් වැඩ උදේම ඉවර කරගන්න  ට්‍රයි කලා.....

"තේක බිලා ඉන්න මහත්තයෝ....."

"ආ... කමලාම්මා වැඩට ඇවිත් තියෙන්නේ... අනේ අනේ කොහෙද ගියේ ඔච්චර දවස්.... දෙන්නා එක්ක රවුම් ගැහැව්වා නේද නිවාඩු දාලා...."

ඔෆිස් එකේ තේ හදන කොනා තමයි කමලම්මා කියන්නේ අනිත් අය එයාට කමලා කියලා කෑගැව්වත් මට කවදාවත් ඒ මනුස්සයාට නමින් කතා කරන්න තරම් ශක්තියක් තිබුනේ නෑ... මොකද එයා මේකේ ඉන්න ගොඩාක් පරණ සේවකයෙක්... අනික මට ඒ මූන දකින හැම වෙලාවෙම හිත ඇතුලේ මතකයන්ගෙන් අපහැදිලි වෙච්ච එක් ඡායාවක, රූපයක හැඩක් පපුවට දැනෙනවා....

"අනේ නෑ මහත්තයෝ... මම පොඩ්ඩක් අසනිප උනා......"

"අනේ.... බොහෙත් ගත්තේ නැද්ද කමලම්මේ.... මොකද්ද උනේ...."

"ඉස්සෙල්ලා මේ තේක නිවෙන්න කලින් බීලා ඉන්න..... දන්නේ නැද්ද දැන් ඉතින් අපි වයසයිනේ... ඔහොම තමයි ඉතින්... අපිත් දැන් ටික ටික ලෙඩ වෙනවා...."

මගේ හිතට අමුතුම දුකක් දැනුනා... ඇත්තටම මගේ අම්මා අප්පච්චි එක්ක ඉදලා එයාලත් ඔය විදිහටම ලෙඩ උනා නම් මට දරාගන්න බැරිවෙයි... ඇත්තටම බැදිම් කියන්නේ වේදනාවක්මයි... මොකද අපි ආදරය කරන අයට සීරිමක් උනත් අපිට ඒක උහුල ගන්න බෑ.......

"ආ... මේ මොකද කමලා මේ... අපේ කේක් කෑලි පොඩියි..... ඒ උනාට අදූර් සර් ගේ කේක් කෑල්ල නම් ලොකුයි......"

පුරුදු විදිහටම මේ පෝරිසාදයා ෆයිල් එකක් කිහිල්ලේ ගහගෙන මගේ කැබින් එකට පැනලා මේසේ උඩ තිබ්බ කේක් කෑල්ලෙන් බාගයක්ම කාලා තේකෙනුත් බාගයක් බිව්වා...

"අනේ විරාන් මහත්තයෝ අදුර් මහත්තයාගේ තේක......."

කමලම්ම ඒක කියපු විදිහට මගේ පපුව හිර වුනා වගේ මට දැනුනේ.... ඒක කමලම්මා නිකම් කිව්වේ "අනේ මහත්තයෝ මගේ දරුවාගේ තේක බොන්න එපා...." කියනවා වගේ.... මට දැනුන හැගිමම කමලම්මට නොදැනුනට විරාන්ට දැනුනා.... ඌට හිනා.....

අදූර් || YizhanWhere stories live. Discover now