Chapter 17

818 151 24
                                    

මම කාමරේට එනකොට අයියා ඇදේ වාඩිවෙලා ඔලුව බිමට නවාගන අත් දෙකෙන්ම නලල මිරිකගන්න ගමන් හිටියා....

"අයියේ ඇයි මේ අමාරුද ඔයාට....."

ඇත්තටම මට බය හිතුනා එයා හිටිය විදිහට....

"කතා කරන්න කෝ අයියේ...."

"එක තප්පරයක් හිනා උනොත් අනිත් තරප්පරේ මාව පිච්චෙනවා මල්ලි.... ඇයි බන් මට මෙහෙම වෙන්නේ...."

"ඇයි අයියේ..... මොකද්ද වෙලා තියෙන්නේ....."

"අර ගෑනි කොල් කරලා මාව මරාගෙන කන්න යනවා...... තව ටිකකින් එනවලු මාව ගන්න.... ලෑස්ති වෙලා ඉන්නලු..... ඒකි මගේ සේසතම හුරගෙන කැවත් කමක් නෑ දෙයියනේ මට මගේ පාඩුවේ ඉන්න දිලා.... "

මට දාරගන්න බැරි දුකක් දැනුනා.... ලගින් වාඩි වෙල උරහිට අත තිබ්බා විතරයි අයියා මට තුරුල් උනා........

"ජිවිතේ හැම වෙලාවෙම මගේ හැගිම් එක්ක සටන් කරලා හැගීම් මරාගෙන ජීවත් වෙන එක ලේසි නෑ අදූර්..... අනේ මට දැන් මහන්සියි බන්.... මට එහෙම කරන්න තරම් ලොකු හයියක් නෑ මගේ දෙයියනේ...... මගේ කොල්ලා නැත්නම් මම කරන්න ඕන දේ මේ වෙනකොටත් කරලා....... අනේ මාව කොහේ හරි එක්ක පලයන් මල්ලි..... ප්ලීස්.... දෙයියනේ මට තවත් මේවා උහුලන් ඉන්න බෑ..... අනේ මාව කොහේ හරි කමක්නෑ එක්ක පලයන්... මම උඹට පොරොන්දු වෙනවා උඹට වද නොදී පාඩුවේ උඹ කියන විදිහට ඉන්නවා කියලා.... අනේ මාව කොහේ හරි එක්ක පලයන්කෝ.... ප්ලිස්......."

මම කියලා මොනා කරන්නද..... අයියට ඕනේ දෙයක් කියන්න ඉඩ දිලා මම අහගෙන හිටියා... මට එහෙම ශත්තියක් තිබුනා නම් මම අනිවාර්යෙන් මේ වෙනකොට ඒක කරලා අයියේ... ඔයාගේ මල්ලි හිගන්නෙක්...... මම කොහොමද උඹ වගේ මැණිකක් මගේ දුප්පත් පැල්පතට අරගෙන යන්නේ..... මම කොහොද මැණිකක් ආරක්ෂා කරගන්නේ.... උඹට ඒ සැප සම්පත් දෙන්නේ.... මට ඒකට ශක්තියක් නෑ මගේ අයියේ.... මම කොහොමද උඹට පුංචි හරි දුකක් දෙන්නේ....... මාත් එක්ක ගිහින් දුක් වින්දත් උබේ හැටියට උඹ කට අරියි කියල නම් හිතන්න බෑ.... හැබැයි උබ මම නිසා දුක් විදින්නේ කියන දේ මට දරාගන්න බැරිවෙයි මගේ අයියේ.....

වැඩි වෙලාවක් අපිට එහෙම ඉන්න හම්බ උනේ නෑ.... සැන්ඩ්‍රගේ කාර් එක ඇවිත් හෝන් කරන්න ගත්තා .....

අදූර් || YizhanWhere stories live. Discover now