Chapter 8

931 157 22
                                    

මට උනොත් වෙන්නෙම මෙහෙම වැඩ තමයි... මම දඩබඩගාලා ඇදුම් ටික අල්මාරියට එබුවා....

"ආ... හරි ශෝක්.... ඔහොමද පිලිවෙලකට නමලා ගානට අස් කරලා තිබුන ඇදුම් ආපහු අස් කරන්නේ.... කෝ.... කෝ... ඔහොම ඉන්නවා පැත්තකට වෙලා...."

ඇදුම් අස් කරල නොතිබ්බත් දිමාන් අයියා ටිකක් සද්දේ දාන කොට මාව ගැස්සිලා ගියා... ඕක ඇයි හොදින් කියන්න බැරිද කියන දේ හිතට දැනෙන කොට පොඩ්ඩක් දුකකුත් දැනුනා... හිතේ අවුලටම ඕවා ඔහොම තමයි තිබ්බේ කියන්න දිව නැමුනේ නෑ.... මම අල්මාරිය ලගින් අයින් උනාම දිමාන් අයියා අර ඇදුම් ඔක්කොම එලියට අරගත්තා...

"ආ... දැන් ඉතින් බිම වැට්ටුවා නම් ඔහොම ඉදගන මේවා අල්ල ගන්නවා....."

"අනේ මේ මට බෑ.....මට වැඩ තියනවා..."

"බෑ... බෑ... කියන්නේ කොහොමද... මේ හොදට හෝදපු රෙදි ටික බිමට වැට්ටුවා නම් පනිශමන්ට් එකක් තියෙන්න ඕනේ... අල්ල ගන්නවා මේ ටික..."

මම මුකුත් කියන්නේ නැතිව බලාන හිටියා..... මම හිතුවේ දිමාන් අයියා අර ඇදුම් සේරම වගේ මගේ අත් උඩට දාවි කියලා... ඒත් එයා කලිසම්, ශර්ට් ටික විතරයි අල්ල ගන්න දුන්නේ... යට ඇදුම් ටික මට දුන්නේ නෑ.... ඇත්තටම උඹ නම් අයියේ බිත්තරයක්ම තමයි ඇතුලත් මෘදුයි පිටත් මෘදුයි....

"ආ.... මෙන්න මේ දෙක පැටියට අන්දන්න....."

එයාගේ ඇදුම් ටික අල්මාරියට දලා අනිත් පැත්තේන් පුතාගේ ඇදුම් අරගෙන දුන්නා.... මම සද්ද නැතිව ගිහින් පැටියා ලගට අරගෙන අර ඇදුම් ඇන්දුවා......

"මේ උඹලා දෙදෙන්නා පොඩි එකාට අන්ද අන්ද හැඩ බලලා ලව් කරලා ඉවරනම් කන්න පහලට එනවද.... මොකද උඹලට බඩගිනි නැති උනාට මහ පාන්දර නැගිටගෙන වැඩකරපු මිනිස්සුන්ට බඩගිනියි....."

එක පාරටම කාරමය ඇතුලට කඩා පාත් උන විරාන් ගේ මිනි කිංකිනි හඩ විශ්වය පුරා පැතිරී ගියා..... ඌ කියපු දේට දිමාන් අයියගේ මූනේ ලස්සන හිනාවක් ඇති වෙලා නැතිවෙලා ගියා...

"හරි හරි යමන්... යමන්... යකෝ මුන් සෝමාලියාවෙන් කඩාපාත්ත වෙච්ච උන්ද මන්දා....."

"ආ.... ඇත්තද ලොකූ.... පස්සෙ ආපු අං නිසා උඹට දැන් උබේ මල්ලිව පේන්නේ ඒ විදිහටද......"

අදූර් || YizhanWhere stories live. Discover now