පෙරවදන

2.6K 182 9
                                    

සීතලයි පොද වැස්සයි කියලා බලන්නේ නැතිව හොදට නාගත්තේ මේ ඔලුගෙඩිය ඇතුලේ තියන කුණු කන්දල් මතු පිටෙන්වත් හේදුවොත් යයිද කියලා බලන්න... රැයක් නොනිදා පහන් කරපු නිසාම ඇස් දෙක ටිකක් දැවිල්ලයි... ඇගිලි වලින් කෙස් අතර රැදි වතුර බින්දු ගසමින් මම තුවාය පිටින් ජනේලේ ලගට ආවා... එලිය තියෙන්න ලස්සන කදු ගැටය අපහැදිලි කරමින් මීදුම වගේ ජනේල් විදුරුවල බැදිලා.... එක පාරක් පිහදැම්මත් අයේමත් මීදුම වගේ බැදිලා අපැහැදිලි වන කණ්නාඩිය තුලින් මම එලිය බලන්න උත්සහ කරා....

තද සීතලක් නිරුවත් යටිපතුල් වලින් ඇවිත් ඇග දිගේම ඇදිලා යනවා වගේ දැනෙනවා.... හිත මොකක්දෝ නොසන්සුන් බවකින් පිරිලා ඉතිරිලා ගිහින්.... දිග සුසුම් පාරවල් කීපයක් නිකම්ම පිට වුනේ හිත හිස් වෙලා තියන නිසා වෙන්න ඕනේ.... ඒත් කිසිම බරක් නැති නිසා හිස් වෙලා තියන හිත් හොදයි.... මොකද පිරුනු හිත් හරිම බරයි කියලා මට හිතෙනවා....

මේ ලෝකේ ලොකුම බොරුව මම ඔයාට ආදරෙයි ඔයා වෙනුවෙන් පණ උනත් දෙනවා කියන එක කියලා දැන් මට හිතෙනවා... මොකද ඒ වටිනා කම රැදෙන්නේ දිනා නොගත් ආදරයට පමනයි.... ආදරය දිනා ගත්තට පස්සේ ඒකේ අගය වටිනා කම නැති වෙලා යනවා.... මට දැනෙන්නේ එහෙමයි....

පිහදැම්මත් අයෙමත් අපහැදිලි වෙන කන්නඩිය නිසා මම ජනෙල් පියන් ඇරලා එලිය බැලුවා..... හිමි හිමිහිට අහස පුරා එකතුවෙන වලාකුළු සීතල අඩුකරගෙන වහින්න අරගෙන.... ඒ වලාකුළු හරිම සැහැල්ලුයි කියලා මට දැනුනා.... ඔවුන් යම් සීමාවකට විතරයි ජලවාශ්ප දරාගන්නේ.... ඒ සිමාව පැනපු ගමන් ඒ පුරොගෙන හිරකරනගෙන ඉන්න හැමදේම අත් ඇරලා දාලා සැහැල්ලුවෙන ස්භාවය හරි අපූරුයි කියලා මට දැනුනා..... වලාකුළු ඒ දේ එහෙම ලේසියෙන් කරාට අපිට එහෙම ලේසියෙන් ඒ දේ කරන්න බෑනේ... වේදනාව දැනි දැනි උනත් තදින් අල්ලන් ඉන්න එකයි අපේ පුරුද්ද...

"අදුර්...... මචං.... අන්න උබේ ඩොකියුමන්ට්ස් ටික රෙඩිලු.... හවසට ඇවිත් ගන්නලු........"

ඒ මගේ ආදරයණීය සහෝදරයා විරාන්.... එහෙම කියාගෙන යන්න ගිහිල්ලත් මාව දැකලා අයෙමත් කාමරයට ඔලුව දැම්මා.... ඌ ලෑස්ති වෙලත් ඉවරයි....

"මොකද යකෝ වෙලා තියෙන්නේ.... උඹ තාම ටවල් එක පිටින්ද.... යමන් යමන් පරක්කු වෙනවා.... උඹ දන්නවනේ මධුක අයියගේ තරම......"

මම මුකුත් කියන්නේ නැතිව හිනා වෙලා ඇදුම් ටික බෑග් එකෙන් එලියට ගත්තා......







❤ අලුත් කතාවක්.... ගොඩක් දිගට දෙන්නේ නැති නිසා ඔන්ගොයින් කියවන්න කියලා ඉල්ලනවා.

-RR-

අදූර් || YizhanWhere stories live. Discover now