01 😈

1.3K 171 51
                                    

RUBY P.O.V

" පපා...ඔයාට බඩගිනිද...? "

"ම..ට්..බ්බැ...හ්...බ්.... "

" හරි හරි...ඔහොම ඉන්නකො මම මොනා හරි හදාගෙන ගේනකන්..."

මම හිටියෙ මන් දිහා දැන් ගොඩ වෙලාවක ඉදන් බලන් ඉන්න පපා එක්ක කතා කර කර.. එයාට ඉස්සර වගේ බඩගිනි හැදුනම ඕන ඕන වෙලාවට ගිහින් කෑම හදාගෙන කන්නවත් එහෙමත් නැත්තම් මට බඩගිනි පුතේ කියල කියන්නවත් පුලුවන් කමක් නෑ..එයාට පුලුවන් ඇස් වලින් මට කතා කරන්න විතරයි.. සමහර දාට කටින් කෙල පෙරාගෙන මන් දිහා අසරණ විදිහට බලන් ඉද්දි මගෙ පපුව පැලෙන්න තරම් දුකක් දැනෙනවා..

මොකද මේ මගෙ අහින්සක පපා කිසි කෙනෙක්ට වරදක් නොකරපු මනුස්සෙයෙක් හැටියට අද මේ වගේ ඇඳක කිසිම දෙයක් කර ගන්න බැරුව දුක් විදිද්දි එයාගෙ එකම පුතා විදිහට මට දුක නැද්ද.. මන් ආසයි එයා ආයෙත් ඉස්සර වගේ මන් එක්ක හිනා වෙලා කතා බහ කරල ඉන්නව බලන්න...

එයාගෙ උකුල උඩ ඔලුව තියන් ඉද්දි එයා හෙමින් හෙමින් මගෙ ඔලුව අත ගගා මාම් ගැන කියනව අහන් ඉන්න ආසයි.. එයාගෙ අතින් කෑම කන්න ආසයි විතරක් නෙමෙයි පපාගෙ තුරුලට වෙලා නිදාගන්න මට ඕන උනාට ඒ හැමදේම දැන් හීන විතරක් වෙලා...

කට ඇද වෙලා කකුල් අත පය පන නැතිව ඇඳක් උඩ බලාගත්තු අත බලන් ඉන්න මගෙ පපා මනුස්සයෙක්.. ඔව් එයා ඇල්ෆා කෙනෙක් නෙමේ.. මගෙ මාම් කසාඳ බැන්දෙ මනුස්සයෙක් නිසා තමයි අපිව පැක් එකෙන් හැමෝම එලවල දැම්මෙ.. ඒ උනාට මගෙ මාම් පපා එක්ක ගොඩක් ආදරෙන් වගේම සතුටින් ඉදල මම හම්බ වෙන්න කලින්.. හැබැයි මම මේ ලෝකෙට බිහි උන දවසෙ ඉදන් තමයි එයාල දෙන්නටත් සදහටම ඈත් වෙන්න සිද්ද උනේ...

ඉතින් මම මගෙ දෙමව්පියෝ දෙන්නට සාපයක් විතරයි කියල මටම දොස් කියන අතර වාරෙ කල්පනා කර කර පපාට කෑම හදන ගමන් මම හිටියෙ අපේ එහෙට මෙහෙට හැරෙන්නවත් බැරි කුස්සි කෑල්ලට වෙලා.. දාන්න පුලුවන් වැඩ කෑලි සේරම දාල එළවළු ටිකක් තම්බ ගෙන ප්ලේට් එහෙකට දාන් පපාව හොයන් මම කාමර කෑල්ලට ගිහින් බලද්දි එයා හිටියෙ අඩියක් සයිස් චූටි ජනෙල් කෑල්ලෙන් පේන අහස දිහා බලාගෙන..

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now