13 😈

664 128 19
                                    

මට ඇඬුනා..කොච්චර ඇඬුනද කියනව නම් අඬල අඬලම මට පනත් නැති උනා.. ඒත් එයා මගෙ දිහා හැඟීමක් දැනීමක් නැති එකෙක් ගානට බලන් ඉදල මගෙ ලගින් අයින් වෙලා ගිහින් A/C එක වැඩි කරල ජනෙල් ඇරල දාල ඇවිත් මාව ඇදල අරන් සීතල ටයිල් පොළව උඩට අතෑරල මගෙ කොණ්ඩ ගස් වලින් ඇල්ලුවෙ මට රිදෙන්නම..

" මම ආයෙ එනකන් මේ රූම් එකේ කිසි දේකට අත තියන්න බෑ...get it....."

එයාගෙ කේන්තියෙන් පිරුණ ඇස් දිහා මම බලාගෙන ඔලුව උඩට පහලට කරද්දි එයා හෙමීට මගෙ කම්මුලකට තට්ටු කරා..

" සීතලයි නම් සීතල දැනෙන්න ඉඩ දියන්..කොයිම වෙලාවකවත් ඇග උණුසුම් කරන්න උබ හිතන්නවත් එපා.. හැබැයි මගෙ කීමට පිටින් ගිහින් තිබ්බොත් හෙට උදේට උබට කකුල් දෙකෙන් යන්න මම ඉඩ තියන්නෙ නෑ කියන එක හොදට මතක තියා ගනින්...."

ඒ වචන මගෙ හිත පෑරුවා මාව නොමර මරන වචන වලින් මට ගහල එයා රූම් එකේ දොර හයියෙන් වහගෙන යන්න යද්දි මම සීතල ටයිල් පොළවෙ ගුලි ගැහිල ඉකි බිදුම් දුන්නා..

මගෙ කඳුලු පිහිදන්න කවුරුත් නෑ..සීතල දරා ගන්න බැරුව මාව වෙව්ලද්දි මට බ්ලැන්කට් එකක් පොරවන්න මගෙ ලග කවුරුත් නැති වෙද්දි මට කේන්ති ගියා මන් එක්කම..

ඇයි මට ඉවසන්න බැරි උනේ..කින්ග් මට අයිති නැහැයි කියන එක දැන දැනත් ඇයි මම අද පිස්සෙක් වගේ හැසිරුනේ ගෝඩ්..එයා ඒ හින්ද දැන් මන් එක්ක උන්නෙ කේන්තියෙන් මට බය හිතෙනවා වියරු වැටිල ඉන්න එයා දිහා එවෙලට බලන්නවත්..

ඉතින් මම කොහොමද දැන් එයාගෙ කේන්තිය නැති කරන්නෙ.. මන් හිතන් නෑ එයා එහෙම ලේසියෙන් අද මම කරපු දේ ගැන අමතක කරයි කියලා.. අනිවාරෙන් එයා මට රිද්දයි...දරා ගන්න බැරි තරමට මාව රිද්දල රිද්දල බාගෙට මරයි..

ඒත්....ඒත්....මගෙ ඇග දරා ගනීද...? මට බයයි එයා නිසා මම මැරිල යයිද කියලා.. එහෙම උනොත් එයා එයාට සමාවක් දීගන්න එකක් නෑ..ඒක මට මැරෙනවට වඩා ලොකු වේදනාවක්..එයා මොන වගේ යක්ශයෙක් උනත් ඒ යක්ශයා ඇතුලෙ ගැහෙනවා හොද හදවතක්..

මන් කැමති නෑ යක්ශ කින්ග්ව බලන්න..හැබැයි අද මමයි නිදාගෙන හිටපු ඒ යක්ශයව එලියට ගෙන්න ගත්තෙත්..ඒත්..ඇයි...ඇයි...එයාට මගෙ හැඟීම් නොතේරෙන්නෙ..ඇයි එයා මාව තේරුම් ගන්න උත්සාහ නොකරන්නෙ..

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now