09 😈

742 132 52
                                    

RUBY P.O.V

මම මෙච්චර සෙක්සි විදිහට නටද්දිත් කිසිම හැඟීමක් නැති ගානට මන් දිහා බලාගෙන හිටපු කින්ග්ව දකිද්දි මට දුක හිතුන..එයා තවමත් මට සමාව දීල නෑ කියල හිතාගෙන මම එහෙම්ම ප්ලේ වෙවී තිබ්බ song එක stop කරල දාල ඇඳේ දණ ගහත්තෙ ඉකි ගගහ අඬ අඬ..

හොදට නට නට හිටපු කොල්ල එක පාරට අඬද්දි කලබල උන කින්ග් මගෙ ලගට ඇවිත් මගෙ මුලු ඇඟම බ්ලැන්කට් එහෙකින් ඔතල මාව උස්සල අරන් එයාගෙ උකුල උඩට ගත්තත් මම තවත් හයියෙන් ඇඬුවා පොඩි එකෙක් වගේ..

"මාත්...එක්ක...ඔයා...තවම...තරහයි...නේද..ඒත්..මම...ඔයාගෙන්..සමාව..ගත්තනෙ..කින්ග්...ඉතින්...ඇයි..මන්..එක්ක.. කතා...කරන්නෙ.. නැත්තෙ.. මුලදි..වගේ..අඩු..තරමෙ...මන්...දිහා...ආසාවෙන්...බලන්නෙවත්...නෑනෙ....ඇත්තටම...ඔයාට...මාව...එපා..වෙලාද...කියන්නකො.."

මම හොටු පෙරාගෙන අඬන හැටි බලාගෙන හිටපු එයා මගෙ ඇස් වල කඳුලු වගේම නහයෙන් ගලපු හොටුත් කිසිම අප්පිරියාවක් නැතුව පිහිදල දාද්දි මට පුදුම හිතුන..

" දැන් මේ දේවල් කරන්න හේතුව ඕකද....මගෙන් සමාව ගන්නද මෙහෙම හැසිරුනේ....."

"හ්ම්..."

එයා මාව ඒ පපුවට තද කරගන්න ගමන් අහපු දේට මම ඒ ඇස් දිහා බලන් හූමිටි තිබ්බා..

" මෝඩයිනෙ..."

" අහ්...දැන් එතකොට මමද මෝඩ....."

කින්ග්ට රවාගෙන මම එහෙම අහද්දි එයා මගෙ නලලට ඇඟිල්ලෙන් ඇන්නා..

" මෝඩ නිසානෙ මගෙන් සමාව ගන්න මෙහෙම රෙදි ගලවන් උබ නැටුවෙ.."

කට කොනින් හිනාවක් දාන් එයා කියපු තාලෙට මට ඉතින් කියන්න හිතුන ඒත් පස්සෙ නිකන් හිටිය එයාට කියල පුක රත් වෙන්න හොදට කන්න බැරි නිසා..

" ආයෙ මේ වගේ දේවල් කරන්න ඕන නෑ සෙක්සි බෝයි...අනික කවුද කිව්වෙ මට ඔයාව එපා වෙලා කියල...ම්ම්.. එහෙම ඇත්තටම උබව මට එපා වෙලා නම් මම එක මොහොතක් මේ පැල්ස් එකේ උබව තියාගන්නෙ නෑ කියල උබ හොදටම දන්නවනෙ නේද.......? "

මම එයා කියන එකට ඔලුව උඩට පහලට කරද්දි එයා මගෙ ඔලුව හෙමීට අත ගෑව..බයෙත් බෑ කින්ග් එක පාරට මෙහෙම හැසිරෙද්දි කවුද දන්නෙ මෙයාට මගෙ බෙල්ල කන්නවත් ඕන වෙලාද කියල.. බටර් මේ තරම් ගාන්නෙ ඉතින් හොදකට නෙමේ කියනවනෙ.

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now