08 😈

738 129 41
                                    

කින්ග් එයි කියල බලන් ඉදල ඉදලම මට ඇඳේම නින්ද ගිහින් තියෙද්දි හීනෙන් වගේ මට අතක ස්පර්ශයක් මූණට දැනුනෙ ඒත් එක්කම මගෙ මුවග හිනාවක් ඇදෙද්දි...

හොදට නිදාගෙන හිටිය මම එක පාරටම උදේ ඇඳෙන් ඉදගෙන වටපිට බැලුවෙ හයියෙන් හයියෙන් හුස්ම ගන්න ගමන්.. මම හිතන්නෙ මන් නරක හීනයක් දැක්ක...ඒකයි මෙච්චර වේගෙන් පපුව ගැහෙන්නෙ.. අලී ගූගඩකට මම අඩිය තියෙන එකක් දැක්කෙ හැබැයි ඉතින් ඕක ගැන අමුතුවෙන් පුදුම වෙන්න දෙයක් නෑ.. හැමදාම කරේ අහක යන ගූ ගොඩවල් මගෙ ඇඟේ දාගත්ත එකනෙ..

" කින්ග් ඊයෙ රෑ කීයටද දන් නෑ වැඩ ඉවර කලේ.."

ඇඳෙන් බහිනවත් එක්කම මට කින්ග්ව මතක් වෙද්දි මම ඒ ගැන කල්පනා කර කරම ගියෙ බාතෲම් එකට..කින්ග් ඊයෙ රෑ මගෙ රූම් එකට ආවද නැද්ද...? ආවෙ නැත්නම් ඊයෙ මාව හොයාගෙන අනිවාරෙන් තවමත් එයා ඉන්නෙ මන් එක්ක තරහින්..මම මොකද්ද කරන්නෙ එයාව යාලු කරගන්න..

එයාව නම්ම ගන්න ඔයාට එක ක්‍රමයක් නම් තියෙනවා රූබි..කින්ග් ආසම දෙයක් දුන්නොත් එයා යාලු වෙයි මන් එක්ක..හ්ම්...ටිකක් සෙක්සි විදිහට ඇඳගෙන එයාට පේන්න පොඩ්ඩක් පුක එහෙම පද්දල ගත්ත නම් මම හිතනවා කින්ග්ට උනත් මගෙ රාජකීය පුක දැක දැක සිල් රකින්න බැරි වෙයි කියල..

අද කින්ග්ගෙ අවදානය ගන්න ගේමක් ගහනව කියල හිත හිතම මම වොශ් දාන් මටත් වඩා ලොකු ඇඳුම් ඇඳල සුවඳ ගගහ රූම් එකෙන් එලියට ගිහින් බලද්දි කින්ග් අද උදේම කොහෙද ගියා කියල මට සර්වන්ට් කෙනෙක් කියද්දි නම් ටිකක් දුක හිතුන..මොකද ඊයෙ රෑ මගෙ ලගටවත් නාව එයා අද උදේම මගෙ මූණවත් නොබල කොහෙදෝ ගිහින් කියද්දි මගෙ මේ පුංචි හිතට ඒක දරාගන්න බැරි උනා..

ඉතින් මම එහෙම්ම ගාර්ඩ්න් එකට ගිහින් පූල් එක ලග ඉදන් වතුරට කකුල් දෙක ඔබාගෙන ඔහේ අහස දිහා බලාගෙන හිතුවෙ මගෙ පපා ගැන..

එයා හොදින්ද....? පපා දැන් කාලද ඇත්තෙ එයා හොදට නිදා ගන්නවද...? බෙහෙත් වෙලාවට බොනවද යන ප්‍රශ්න දහසක් ගැන මම හිත හිතම ඇස් වහන් හොද හුස්මක් ගත්තෙ ඔය ප්‍රශ්න අහන්නවත් ඕවට උත්තර දෙන්නවත් මන් ලග මගේ කියල කෙනෙක් නැති නිසා...

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now