10 😈

710 123 52
                                    

එයා කියන එක නෑහුන ගානට මම wardrobe එක වහල දාල ඇඳ රෙදි හරි ගස්සන්න ගත්තෙ එයා මගෙ ලගට එනවා මට දැනෙන්න ගද්දි...

" ආව්......"

" උබෙ කන ඇහෙන් නැද්ද.......? "

එයා මගෙ පස්ස මිරිකල අහපු දේට මම හිටියෙ රවාගෙන එයාගෙ ඇස් දිහා බලන්..

" මගෙ ඔලුව රිදෙනවා කින්ග්..."

" ඇයි...ආයෙත් උණ ගන්නද.....? "

" නෑ..මට ටිකක් තනියම ඉන්න දෙන්න....ප්ලීස්....."

මගෙ නලලට අත තියන්න ගිය එයා ලගින් මම අඩි දෙක තුනක් පිටි පස්සට ගිහින් අහක බලා ගනිද්දි එයා ටික වෙලාවක් මන් දිහා බලන් ඉදල වේගෙන් රූම් එකෙන් එලියට යන්න ගියෙ දඩස් ගාල හයියෙන් දොරත් වහගෙන...

ඒත් එක්කම ඇඳට කඩාගෙන වැටුන මම ඇස් දෙක වහගෙන හුස්මක් පිට කරේ අර සාරා කියන කෙල්ල ඉස්සරහ කින්ග් අමුතුම විදිහට හැසිරුන විදිහ ගැන හිත හිත...

-
-
-
-
-
-

රෑ කෑමට මට පහලට එන්න කියල මර්වින් අතේ කින්ග් පණිවිඩයක් එවල තියෙද්දි මම පහලට ගියෙ නොයා බැරි කමට..

මම කෑම මේසෙ ලගට යද්දිත් කින්ග් ලගම ඉදගෙන සාරා කියන එකීත් කෑම කකා ඉන්න හැටි දැකල මන් ආපිට හැරිල උඩට යන්න යද්දි...

" රූබි...."

" අහ්......කි...න්ග්....."

මට ලියෝ කතා කරද්දි මම ඔලුව පහත් කරගෙන ගිහින් එයා ලගින් හිට ගත්තා..

" අඩු පාඩු බෙදන්න මට....."

එයාගෙ ප්ලේට් එක ඇස් වලින් පෙන්නල එයා කියපු දේත් එක්ක මම එයාට අඩු පාඩු බෙදන්න ගද්දි මන් බලාගෙන සාරා හොරෙන් හොරෙන් අපි දෙන්න දිහාම බලනවා..

" මට ඔය කරි එකෙන් ටිකක් බෙදන්න පුළුවන් ද........? "

කින්ග්ට කෑම බෙදන ගමන් හිටපු මට සාරා චිකන් කරි එක පෙන්නල කියපු දේට බෑ කියන්න බැරි කමට මම ඒ දීසියත් අරගෙනම සාරා ලගට ගියෙ..

" ලියෝ....."

" හම්ම්ම්..."

" අපේ වෙඩින් එක ඉක්මනට ගන්න කියල ඩැඩී කියනහ්හ්හාආආආ......"

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now