19 😈

524 105 40
                                    

සාරා කින්ග්ට කෝල් කරල කිව්වෙ එයාගෙ මල්ලි මැරිල කියලා..එවෙලෙ කින්ග්ගෙ ඇස් ගැස්සෙනවා මන් දැක්කා.. සාරගෙ කතාව අහල මටත් පුදුම හිතුන හැබැයි කින්ග් ඇයි ටිකක් කලබල උනේ කියල මට හරියට තේරුම් ගන්න බෑ..ඒ අස්සෙ වැලහින්නක් වගේ අඬ අඬ ලියෝ ඔයා දැන්ම එන්නකො කියල ඒකි මැරෙන්න හදපු නිසාම කින්ග් මාවත් බලෙන්ම ලැහැස්ති කරගෙන මේ යන්නෙ අපි දෙන්න ආයෙත් පැලස් එකට..

" කින්ග්..."

" හ්ම්..."

කැළෑව මැද්දෙන් ඉස්සර වෙලා යන කින්ග් පස්සෙ මම ගියෙ හති ඇර ඇර..

එයාට නම් එච්චර ගානක් නෑ වගේ.. ඔව් ඉතින් වෑම්පයර් කෙනෙක්ට පයින් යනව කියන එක ඊසිනෙ..ඒත් මලක් වගේ ඉන්න මට කොච්චර මේ ඇවිදිනවයි කියන එක අමාරුද.. ? ඒක ඔය මහ වවුලට තේරෙනව කියලැයි.. මගෙ රෝස පාට කකුල් රතු පාටටත් හැරිල.. අනේ මගෙ කකුල් දෙකට ගෝඩ්ගෙම පිහිටයි..

" කින්......ග්....."

" මොකද බං බෙරිහන් දෙන්නෙ..."

අම්මගෙ කිරි ඉල්ලලා අඬන බබා වගේ මමත් යටි ගිරියෙන් කෑ ගහද්දි එවිල් වර්ශන් එකට හැරුන කින්ග් මගෙ පැත්ත හැරිල එක සද්දයයි දැම්මෙ මම පූසෙක් වගේ එයා දිහා ඇසුත් ලොකු කරගෙන බලන් හිටියෙ..

" ඇයි අනේ අපි මෙහෙම පයින් යන්නෙ..මගෙ කකුල් දෙකත් රිදෙනවා.."

" පයින් නැතුව ජෙට් එකේ යන්නද හිතන් හිටියෙ .."

" ඔයා වෑම්පයර් කෙනෙක්නෙ කින්ග්.."

" ඉතින්.."

කුතුහලෙන් ඇස් හීනි කරගෙන මන් දිහා බලාන ඉන්න කින්ග් එක්ක මම කතා කරේ කට හද හද හරියට රට අම්මණ්ඩියෙක් වගේ..

" මාව අහසින් ගෙනියන්නකො අනේ.."

" ඒ කොහොමද...? "

" පියාඹලනෙ ..."

මම කියපු දේට කට කොනින් හිනා උන කින්ග් අඩියට දෙකට මන් ලගට එද්දි හිතේ බයට මම ඇස් පියා ගත්තම මට දැනුනෙ එයාගෙ පපුවෙ උණුසුම..























" කි..න්ග්...ඇයි...මේ..."

එයාගෙ ලොකු ලෝගුවෙන් මාව ආවරණය කරගෙන ඇස් පිය ගහන වේගෙන් එයා මාව ගෙනත් තිබ්බෙ වාහනේ ඇතුලට.. හරියට මතු වෙලා අතුරුදහන් වෙනවා වගේ ඔව් එහෙම තමයි උනේ..

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now