12 😈

690 124 33
                                    

මේ පැලස් එකෙන් එලියට අඩියක් නොතිබ්බ මම හිතට හයිය අරන් ගේට් එකෙන් දුවල එලියට ආවට.. මට මගෙ වටේ තියන හැමදේම නිකන් ආගන්තුක හැඟීමක් දැනෙන්න ගත්තෙ.. ඒත් මට ඕන නෑ නවතින්න ඉතින් කකුල් දෙකට ආපු ශක්තිය එක්ක මම එතනම තිබ්බ රූස්ස කැලේ ඇතුලට දිව්වෙ මහ පාරෙ මිනිස්සුන්ව මුහු වෙන්න මට බය හිතුන නිසා..

ඇයි...ඇයි....කින්ග් මෙහෙම මට කරන්නෙ..අර වේ# බැ#ලිව කකුල් අස්සෙ ගහගෙන මගෙ හිත රිද්දන්න තරම් ඔයාට මාව පොඩ්ඩක්වත් වටින් නැද්ද...? අඩු තරමෙ ඔයාට තිබ්බ නේද අද මගෙ රූම් එකට ඇවිත් මාව බලන්න..ඒත් ඔයා මාව බලනව වෙනුවට වෙන එකියක්ව බලන එකනෙ කින්ග් කරල තියෙන්නෙ..මගෙ මොන අඩුවක්ද කින්ග් තියෙන්නෙ.. ඔයාව මම සතුටු කරා මදිද කින්ග්...කොහොමද මම ඔයාව සතුටු කරන්නෙ කියන්න.. මගෙ මරනෙ දැක්කොත් ඔයාට සතුටු හිතෙයිද ටිකක් හරි.. එදාටවත් මගෙ මිනිය ලග ඔයා ඉන්නවද....? එදාට පුංචි හරි අනුකම්පාවක් මට දක්වනවද කින්ග්...

රූබි......

ඉකි ගගහ අඬ අඬ යන්නෙ කොහෙද කියලවත් හිතාගන්න බැරුව දුවන අතර මගෙ කකුල් දෙකම එක තැන නතර උනා..ඒ...ඒ...මට කතා කරේ මගෙ අනිත් බාගෙ එහෙමත් නැත්නම් මගෙ වුල්ෆ්..

අකීරා....ඔයාට මාව දැනෙනවද......?

මගෙ වුල්ෆ් අකීර එක්ක මම කතා කරේ සතුටින් උනත් එයා එතනින් එහා මන් එක්ක වචනයක් කතා කරේ නෑ.. මෙච්චර කාලයක් මන් බලාපොරොත්තු වෙලා හිටපු කෙනා.. එයා මට කතා කරා.. ඒත් එයා ශිෆ්‍ට් උනේ නෑ.. හරියටම මම ශිෆ්ට් වෙන්නෙ මගෙ උපන්දිනය ලබන දවසට..මොකද අවුරුදු 18ක චූටි කොල්ලෙක් වෙනවා එදාට මන්..හීනෙකින්වත් හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට අකීරා මට කතා කරයි කියලා..ඒත් ඇයි එයා මට කතා කරේ මේ හදිසියෙ...

අකීර නිසා හොද සිහියට ආවමයි වට පිටාව දිහා බැලුවෙ.. කැලෑව ඇතුලෙ අඳුරම වෙලාගත්ත මහ මූසල පාටක් ගෙනාවේ.. අහසෙත් වැහි වළාකුලු එකතු වෙන්න ගද්දි මම පිටි පස්ස හැරි හැරි බල බල දිව්වෙ පලවෙනි වතාවට මගෙ සෙන්ට් එකත් පිට කරන්.. මොකද මම කින්ග් ගාව ඉද්දි මගෙ සෙන්ට් එක හංගන් හිටියෙ එයාට මන් ඔමේග කෙනෙක් කියන එක වහන්න ඕන කමට..ඒත් තවත් මට එයාගෙන් හංගන්න දෙයක් නෑ.. මුල ඉදන්ම එයා දැනගෙන හිටියනෙ මම ඔමේග කෙනෙක් කියල..

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now