06 😈

932 134 60
                                    


" කවුද තමුසෙ....."

මේ පැලස් එකේ නොදැකපු පිරිමි රුවක්.. කළු ජැකට් එහෙකට සුදු යකඩ necklace එකක් බෙල්ලෙ එල්ලගෙන රස්තියාදු පෙනුමක් තිබ්බ ඒ මිනිහගෙන් මම සද්දෙන් ඇහුවෙ එයා කවුද කියල උනත්...ඌ උගෙ අත් දෙකට මැදි කරගෙන මාව බිත්තියට තව තවත් තද කර ගත්තා..

" මම කවුද කියල කියන්න කලින්..මේ රෝස බබා කොහෙන්ද මෙහෙට ආවෙ කියන්න බලන්න........"

මගෙ ඇස් අස්සෙ රිංගගෙන මගෙ මූණට වැටෙන උගෙ හුස්මත් එක්ක මම උගෙන් ගැලවෙන්න දැගලුවත් මගෙ අත් දෙකම උගෙ අත් වලට හිර වෙලා බිත්තියට තද වෙලා තියෙද්දි මට මේ වෙලාවෙ මතක් උනේ කින්ග්ව...

" අතාරිනවා මාව.........."

" අපේ කෙනෙක් නම් නෙමෙයි වගේ...ම්ම්ම්ම්ම්.....රෝස බබාගෙ ලේත් හරිම රස පාටයි.........."

" අහ් අතාරිනවා මාව...........ආආආ..................."

මගෙ ඇස් දිහා බලන් ඌ තොලකට ලෙවකාල කියපු කතාවට මගෙ පපුව වේගෙන් ගැහෙන්න ගද්දි ඌ ටිකෙන් ටික මගෙ බෙල්ලට පහත් වෙලා ඉව කර කර කිව්වෙ මගෙ ලේ රස පාටයි කියල.. වෙන්න යන්නෙ නම් හොදක් නෙමෙයි කියල දැනුනත් සාගරයක් තරම් පැලස් එකේ මම තිරිසනෙක් ලග තනි වෙලා හිටියෙ මාව අන්ත අසරණ කරල...





" අහකට පලයන්..........."










" කින්...ග්....හ්හ්......"




අඬන්න ඔන්න මෙන්න හිටපු මාව ගැස්සිලා ගියෙ ඇස්පිය ගහන වේගෙන් වෙච්ච දේත් එක්ක..මාව බිත්තියට තද කරන් හිටපු ඒ තිරිසනාව හිතුවෙත් නැති විදිහට පැත්තකට විසි වෙලා යද්දි මම බැලුවෙ පැලස් එකම දෙදෙරන්න ඇහුන ඒ ගාම්භීර හඬේ අයිති කාරයා දිහා...

ඔව් ඒ හිටියෙ කින්ග් වෙද්දි එයා හිටියෙ නම් දත් මිටි කාගෙන අත මිට මොලවන් කියල දැක්ක මට තේරුනා කින්ග් දැන් ඉන්නෙ මිනිස්සු සීයක් උනත් මරන සයිස් එකේ මලෙන් කියල...

" ඇයි උබ මට ගැහුවෙ........."

බිත්තියෙ වැදිල බිම වැටුන අරූ අමාරුවෙන් නැගිටල මන් දිහාත් කේන්තියෙන් බලල කින්ග්ගෙන් ඇයි ගැහුවෙ අහපු තාලෙන් තේරුනා ඌ කින්ග් අදුරන කෙනෙක් වෙන්න ඇති කියල.. මොකද උබ , බං , බොලං කියනව නම් කින්ග්ට මූ අනිවාරෙන් යාලුවෙක් වෙන්න ඕනනෙ.. කින්ග්ට වෙන කෙනෙක් උබ කිව්ව නම් උගෙ මෙලහකටත් කට ඉරල දාල....

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now