15 😈

679 122 30
                                    

මගෙ දිහා කලකිරීමෙන් වගේ බලන් හිටපු එයා රූම් එකෙන් එලියට යන්න යද්දි මම ඔහේ ජනේලෙන් එලිය බලාන හිටියා..මොකද මට කොහොමත් ඕන උනේ නෑ එයාට කියපු වචන ආයෙ ගන්නවත් එයාව නවත්තන්නවත්.. ඉතින් මම එයාට යන්න ඉඩ දුන්නා..

මාව තලල පෙලල නොසෑහෙන්න මට රිද්දපු එයාටත් මගෙ වචන දැනෙන්න ඇත්තෙ පිහි පාරවල් ගානට උනාට මම පොඩ්ඩක්වත් ඒ ගැන පසු තැවෙන් නෑ..

ඉතින් මම ඔහේ බලා උන්නා..මගෙ බඩ පපුව දන්න අරන් තියෙද්දි කටට වතුර පොදක් අරගන්නෙ නැතුව මන් එයා රූම් එකෙන් එලියට ගිය වෙලේ ඉදල පැය බාගයක් යනකන් ජනේලෙන් එලියෙ පේන අහස දිහා බලන් කල්පනා කර කර ඉන්න අතර එක පාරටම රූම් එකේ දොර ඇරුන සද්දෙට මම ඒ දිහා බලද්දි දැක්කෙ මර්වින් ඇවිත් තියෙන්නෙ මට කෑම අරගෙන කියලා..

වචනයක් කතා නොකරපු එයත් මට කෑම ටික දීල යන්න යද්දි මම ගෙනත් තිබ්බ කෑම බීම දිහා බලාගෙන භාවනා කරන්න බැරි කමට කන්න ගත්තා.. හිර වෙවී කෑම උගුරෙන් පහලට බහිද්දි ඇස් වලින් කඳුලු ගලන් ගියත් කන කන කටක් ගානෙ බීම ටිකක් බොන ගමන් සේරම කෑම ටික මම බඩට දාගත්තා..

දවස් දෙකක් නිකරුනේ කාලය ගෙවුනෙ මම කින්ග්ගෙ රූම් එකේ තනි වෙද්දි.. එයා මේ වෙනකන් මාව බලන්න නිකමටවත් ආවෙ නෑ.. අඩු තරමෙ එයා පැලස් එකේ ඉන්නව කියලවත් මට දැනුන් නෑ.. එයා හරිම අහංකාරයි.. එක පාරක් මම එයාට මගෙන් පුළුවන් තරම් ඈත් වෙන්න කිව්ව පලියට අඩු තරමෙ එයා මගෙ සුව දුක් බලන්නවත් ආපු නැති එක ගැන නම් මට පොඩ්ඩක් දුක හිතුන.. එහෙම කියල මම මෙදා පාර නම් එයාට සෙකන්ඩ් වෙන්න යන්නෙ නෑ..

ලෙඩත් හොද වෙලා මන් සාමාන්‍ය තත්වයට ඇවිත් තිබ්බ නිසා අද මට හිතුන රූම් එක පොඩ්ඩක් අස් කරගන්න.. ඒ හින්ද උදේම නැගිට්ට මම රූම් එක ක්ලීන් කරන්න පටන් ගද්දිම..

" සර්..."

" අහ්.."

රූම් එකේ දොරත් ඇරන් ඇතුලට ආවෙ මර්වින්...එයා උණුම උණු චොකලට් කිරි එකක් ගෙනත් මට බොන්න.. මම ආසයිනෙ චොකලට් වලට.. සමහර විට අද විශේශයෙන්ම චොකලට් කිරි එකක් මට හදාගෙන ගෙනිහින් දෙන්න කියන්න ඇත්තෙ කින්ග්.. ඔව් එයා තියන ලොකු කමට මාව බලන්න ආවෙ නැති උනාට මොකද මම දන්නවා එයා මන් ගැන ගොඩක් වද වෙනවා කියලා..

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now