11 😈

623 123 44
                                    

දවස් දෙකක් ගෙවිල ගිහින් තිබ්බ කින්ග්ව පැලස් එකේ මම දකින්නෙ නැතුව..වෙනදට පොඩ්ඩක් හරි හිනා වෙලා ඉන්න මගෙ හිනාවත් ඒ එක්කම මැකිල ගිහින් තිබ්බ වගේම හරියට කෑමක් බීමක්වත් මම ගත්තෙත් නෑ.. මර්වින්ගෙන් මම කින්ග් ගැන ඇහුවත් ඒ මිනිහ මට මුකුත්ම කියන්නෙ නැති වෙද්දි මම ආයෙ එයාගෙන් කින්ග් ගැන අහන්න ගියෙත් නෑ...

පාලුවත් තනිකමත් ඕනවට වඩා මට දැනෙන්න අරන් තිබ්බ විතරක් නෙමෙයි මේ දවස් දෙකේම මගෙ පපුව යාන්තම් රිදෙන්න ගත්තා..උපන්දිනේ ලබන්න කලින්ම මම මැරිල යයි කියල මට හිතුනෙ.. මොකද වම් අත දිගේ කැක්කුමක් එන්නෙ හාට් වලට කියෙනවනෙ බොහෝ දුරට.. කියන්න දන් නෑ මේ ඉන්නව මේ යනවා.. මටත් කින්ග්ට නොකියම යන්න උනොත් මම ආයෙ කොහොමද කියන්නකො මගේ වවුල් රජාව බලන්නෙ..

හූල්ල හූල්ල ඔහේ රූම් එකට වෙලා ඉද්දි ආපු බඩගින්නක් එක්ක මම පහලට යන්න කියල හදද්දි කින්ග්ගෙ රූම් එක පහු කරන් යන්න හදපු මම  රූම් එක බාගෙට ඇරල තියෙනව දැකල ඇති උන කුතුහලයත් එක්කම මම රූම් එක ඇතුලට ගිහින් එයාගෙ බෙඩ්රූම් එකට ඔලුව දාල බලද්දි දැක්කෙ...

" කි...න්ග්...."

සෝෆ එකේ ඉදගෙන හිටියෙ එයා..වෙනදට නැති තෙහෙට්ටු පාටක් එයාගෙන් මම දකිද්දි අඩියට දෙකට එයා ලගට දුවල ආපු මම එයාගෙ අතින් අල්ලගෙන කතා කරේ එයා ඇස් බාගෙට ඇරන් මන් දිහා බලන් ඉද්දි..

" මොකද උනේ..ඇයි මේ කියන්නකො...."

එයාගෙන් මම ප්‍රශ්න කරද්දි එයා හිටියෙ කතා කරගන්න බැරි තරම් අමාරුවකින් කියල මම ඒ ඇස් වලින් දැක්කත් මොකද්ද ඇත්තටම සිද්ද උනේ කියල නොදන්න මම හිටියෙ හොදටම බය වෙලා..

" කතා කරන්නකො..මොනවද දවස් දෙකක්ම ඔයා කරේ...."

එයාව හොල්ල හොල්ල මම අහන දේවල් වලට උත්තර දෙනව වෙනුවට එයා කරේ මන් දිහා බලන් ඉන්න එක වෙද්දි මම එයාගෙ බාත්‍රොබ් එකේ කරෙන් ඇදල ගත්ත පාරට දැක්ක දෙයින් මට කෑ ගැස්සුනා..

" අනේ කින්ග්...මොකද මේ..කොහොමද ඔයාට තුවාල උනේ..."

එයාගෙ පපුවෙ දැක්ක කැලල එක්ක මම එයාගෙ බාත්‍රොබ් එක එහාට මෙහාට කරල බලද්දි මුළු ඇගේම තිබ්බෙ කස පහරවල් වගයක් වෙද්දි මම හිටියෙ ඉකි ගගහ අඬ අඬ ඒ තුවාල පාරවල් වල ඇඟිලි තුඩු යවන ගමන්...

MY SASSY BOY ☠️🔞Dove le storie prendono vita. Scoprilo ora