17 😈

501 80 24
                                    

හරියටම රෑ දොළහ ලබපු ගමන් මගෙ මුලු ශරීරයෙන්ම ආපු වේදනාව එක පාර වැඩි වෙද්දි මම ඇඳේ එහාට මෙහාට දගල දගල කෑ ගහන්න ගත්තා..මගේ කෑ ගැහිල්ලත් එක්ක කලබල උන කින්ග් මන් ලගට ඇවිත් මට එක එක දේවල් කියනවා ඈතින් වගේ මගෙ කන් වලට ඇහුනත් මෙලෝ සිහියක් මට තිබ්බෙ නෑ එයා කියන දේවල් වලට ඇහුන්කන් දෙන්න තරම්..

හරියටම පැයක කාලයක් දගලපු මම එක පාරට ශිෆ්ට් උනේ කින්ග්වත් පුදුම කරවලා..

" රූබි මම ආවා.........! "

" අකීරා...."

මගෙ වුල්ෆ් මන් එක්ක කතා කරා.. ඔව් මෙච්චර කාලයක් නිදාගෙන හිටපු වුල්ෆ් හරියටම අද මගෙ ශරීරයේ සම්පූර්ණ පාලනය අතට ගද්දි මට ගොඩක් සතුටු හිතුනා..

මොකද මම මේ දවස එනකන් සෑහෙන්න කාලයක් බලාගෙන හිටිය නිසා..

" Happy Birthday ruby...."

" same to you ....."

අපි දෙන්න හිත් වලින් කතා කරා.. මම ඉපදුන දවසෙම එයාගෙත් උපත සිද්ද උන නිසා කොටින්ම කිව්වොත් අපි දෙන්නම එක්කෙනෙක් උනත් එයා මටත් මම එයාටත් විශ් කර ගත්තා..

" කවුද මේ රූබි ..."

අපි අපේ ලෝකෙක තනි වෙලා ඉද්දි අකීර කින්ග්ව දැකල මගෙන් අහපු දේත් එක්ක තමා මට මතක් උනේ මෙච්චර වෙලා අපි දිහා කින්ග් බලන් ඉදල තියෙන්නෙ කියලා..

එයා බය වෙලා.. කොච්චර බය වෙලාද කියනව නම් එයා මගෙ ලගින් අඩි දහයක් විතර ඈතින් ඉදල බලන් ඉන්න හැටි දැක්කම මට හිනා යන්නත් ආවා..

" ඒ තමයි කින්ග් ලියෝ ..."

" ඔයාගෙ ප්‍රේමවන්තය නෙමෙයිද..? "

අකීර එක පාරට කියපු දේත් එක්ක මට දෙන්න උත්තර නැතුව ගියා.. මගෙ ලෝකෙ හැමදේම දැන් කින්ග් උනාට එයාගෙ ලෝකෙ මට පුංචිම හරි ඉඩක් තියෙනවද නැද්ද කියන එක මම තවම දන්නෙ නෑ.. එයා නැතුව මාසෙකට වැඩි කාලයක් මෙහෙ මම සෑහෙන්න දුක් වින්ද කියල මමයි දන්නෙ.. ඉතින් මට බයයි මිරිගුවක් පස්සෙ යන්න ගිහිල්ල මට ජීවිතේම එපා වෙයිද කියලා.. ඒ හින්ද මම අපි දෙන්නගෙ බැඳීමට නමක් දෙන්න දෙපාරක් හිතනවා හැම වෙලාවකම.. එයාට තියෙන ආදරේ මහ ගොඩක් උනාට එයාගෙ හිතේ මන් ගැන අබමල් රේණුවක තරම් වත් ආදරයක් නැත්තම් නොසෑහෙන්න විදවන්න වෙයි මම බොරු බලාපොරොත්තු එයා ගැන තියා ගත්තොත්.. ඒක මම හොඳටම දන්නවා..නමුත් මම එයාට ආදරෙයි.. එයා ගැන මේ හිතේ මෝදු වෙන ආදරේ නාමෙන්ම මට කවද හරි මැරෙන්න සිද්ද උනත් මම මැරෙන්න දෙපාරක් හිතන් නෑ..මොකද මේ රූබි කින්ග්ට ආදරේ කරන්නෙම ආපිට කිසි දෙයක් බලාපොරොත්තු නොවී නිසා..

MY SASSY BOY ☠️🔞Où les histoires vivent. Découvrez maintenant