03 😈

1.2K 169 44
                                    

එයාගෙන් ලැබුන වෝනින් එකත් අහගෙනම මම පැලස් එක ඉස්සරහ නවත්තල තිබ්බ දිගම දිග සුදු පාට වාහනේට නැග්ගෙ දොරකොඩ ලග හිටගෙන මන් දිහා බලන් ඉන්න මර්වින්ටත් බැල්මක් දීගෙනමයි....

" සර්ට කොහෙද යන්න ඕන...."

" ඔහොම යමු මම කියන්නම්..."

වාහනේ ටික දුරක් යද්දි ඩ්‍රයිවර් මගෙන් අහපු දේට මම උත්තර දුන්නෙ ශටර් එකට ඔලුව තියාගෙන..

ඇත්තටම මම දන් නෑ කින්ග් මට මෙහෙම තනියම ඩ්‍රයිවර් එක්ක එලියට යන්න දුන්නෙ ඇයි කියල.. හැබැයි එයා අන්තිමට මට කියපු වචන ටික මතක් වෙද්දිත් ඇගේ මයිල් කෙලින් වෙනවා.. අනිවාරෙන් මට මේ යන්න දුන්නට මගෙ පස්සෙන් එයාගෙ කුක්කො ටික දාල ඇති කියලමයි මට හිතුනෙ..

" වාව්..."

වෙන කල්පනාවක හිටපු මගෙ කට ඇරුනෙ මම ජීවිතේට නොදැකපු ලෝකයක් එක පාරට මගෙ ඇස් වලට අහු උන නිසා.. ශටර් එකෙත් එල්ලිලා  අපේ වාහනේ පහු කරගෙන යන ස්‍රීට් ෆුඩ් දිහා බලන් හිටියෙ මම කෙල පෙර පෙර.. ඇත්තටම මම හිටපු ලෝකෙ මේ තරම් සැප සම්පත් නොතිබුන නිසා මම මේ දේවල් දකින්නෙ පලවෙනි වතාවට.. මගෙ ඇස් මානෙට වැටුන ලස්සන ලස්සන උස බිල්ඩින් පාට පාට අයිස්ක්‍රීම් ශොප්ස් වගේම මම ජීවිතේට නොදැකපු දේවල් ගොඩක් තිබ්බ අපෙ වාහනේ යන පාර දෙපැත්තෙ..

මේ හැමදේම මට මැජික් එකක් උනාට මෙහෙ ජීවත් වෙන අයට නම් මේව සාමාන්‍ය දේවල් වෙන්න ඇති.. ඒ අතින් බලද්දි අපි වගේ අහින්සක දුප්පත් මිනිස්සු පව්.. මොකද මට මෙහෙම එක දවසකට හරි අවස්ථාවක් ලැබුන නොදැකපු ලෝකය සතුටින් විදින්න.. මෙහෙම අවස්ථා නොලැබෙන අය තව කොව්චර ඉන්නව ඇද්ද හිතින් හූල්ල හූල්ල දුක් විදව විදව..

" සර්...සර්..."

" අහ්..."

" මොනා හරි කන්න ඕනද සර්....."

" එපා...බඩගිනි නෑ මට..."

පාර දිහා බලන් හිටපු මට ඩ්‍රයිවර් කතා කරල මට කෑම අරන් දෙන්න අහද්දි මම එපා කිව්වෙ ඇත්තටම මට බඩගින්නක් නොතිබ්බ නිසා..ෆ්‍රොන්ට් ග්ලාස් එකෙන් මන් දිහා හිනා වෙලා බලපු ඩ්‍රයිවර් අංකල් ඉස්සරහ බලාගෙන පාඩුවෙ ඩ්‍රයිව් කරද්දි මාත් හොද හුස්මක් අරන් පාර දිහාට ඇස් යවද්දි නිකන්ම මට කෑ ගැස්සුනා..

MY SASSY BOY ☠️🔞Where stories live. Discover now