01 - වැහි බිඳු

700 63 26
                                    

ඇහැළ මල් වැටුණු පොළොව සිපගත් වැහි බිඳු දූවිලි සුවඳ වාතලයට මුසු කරන්නට විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඇහැළ මල් වැටුණු පොළොව සිපගත් වැහි බිඳු දූවිලි සුවඳ වාතලයට මුසු කරන්නට විය. කර්ෂක හිරු දෙස බලා සිටි සහීන්ගේ නළලතට වැහි බිඳුවක් ඇද වැටුණේ ඔහුගේ දෑස් මොහොතකට පියවමිනි.

"අව්වයි වැස්සයි එකට." සහීන් තමාගේ පසෙක සිටගෙන සිටි නිහාරා දෙසට යටැසින් බැල්මක් හෙළුවේ ප්‍රශ්නාර්ථයක බැල්මක් සමගිනි.

"නරියගේ මගුල සිද්ධ වෙන්නේ එහෙමලු." නිහාරා ඔහුගේ දෑස් දෙසට එක එල්ලේ බැල්මක් යොමු කළාය.

සහීන්ගේ නළ දත ඔහුගේ මුවින් මොහොතකට එළියට පැන ඔච්චම් කරන්නට විය. "නරියගේ මගුල?"

නිහාරා දෙතොලගින් සිනහවක් පා නිහඬ වූවාය. ඇය ඒ පිළිබඳ විස්තරයක් කරනා තෙක් උනන්දුවෙන් බලා සිටියද සහීන්ට ඇගෙන් පිළිතුරක් නොලැබිණි.

"කුඩයක් නැද්ද?" නිහාරාගේ හඬ සහීන්ව ඔහුගේ කල්පනා ලෝකයෙන් කඹයක් නොමැතිවම නැවතත් පොළෝ තලයට ඇද ගත්තේ නිරායාසයෙනි.

"තියේ. ඒත් අපි මෙතනට වෙලා ඉමුද? කවුරුත් නෑනේ?" සහීන්ගේ හඬේ සැඟවී ඇති ආයාචනාත්මක බව හඳුනාගැනීමට ඇයට ලෙහෙසියෙන්ම හැකි විය.

කර්ෂක හිරු වසා අඳුරු වළා අහස් කුස පුරා ක්ෂණයෙන් පැතිරෙන්නට විය. සිහින් වැහි බිඳු විසල් වැහි බිඳු බවට පරිවර්තනය වී ‌පැසිපන්දු පිටිය සිප ගනිද්දී ප්‍රධාන ශාලාව අසල ‌සිමෙන්ති පඩි වැහි බිඳු උරා තද පැහැයට හැරිණි. තවමත් වර්ෂාව ‌දෙස බලා සිටි සහීන්ගේ සුදු කමිසයේ උරයක් සිපගත් වැහි බිඳු ඔහුගේ බැනියමට කා වැදී උරස් කුහරය සීතල කරන්නට විය.

"සහීන් මට වැඩ තියෙනවා. සීනියර් එක්සෑම් එකට නම් ලිස්ට් එකක් හදන්න ඕන. මට කුඩේ දෙන්නකෝ." නිහාරාගේ ආයාචනය ‌නෑසුණාක් මෙන් ඔහු වර්ෂාව දෙස දෑස් අයා බලා සිටින්නට විය.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now