සහීන්ගේ පෙරවදන

154 23 1
                                    

"පුතේ සහීන් ඔයාට කෝල් එකක්." අම්මා මං ගාවට ඇවිත් මගේ කනට අම්මගේ හෑන්ඩ්ෆෝන් එක තද කරද්දි අම්මගේ අත වෙව්ලනවා. 

"හෙලෝ?"

"මචං මම දිනෙත්." එහා පැත්තෙන් ඇහුණේ මගේ යාළුවෙක්ගේ කටහඬ. ශිෂ්‍ය නායකයෝ විදිහට අපි එකට හිටියත් මම ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ අපි හම්බෙලා තිබුණේ නෑ. 

"කියන්න දිනෙත්."

"උඹේ අම්මට විස්තරේ අපි කිව්වා. තව පැයකින් වගේ අපි එනවා උඹලගේ ගෙදර. සුදු කමිසයක් ඇඳන් ලෑස්ති වෙලා ඉන්නවද?"

කෝල් එක නතර වුණා. මම අම්මගෙන් ඇහුවට මොකක්ද වෙන්නේ කියලා අම්මා උත්තරයක් දුන්නේ නෑ. මම ලෑස්ති වුණා. බයකුත් හිතේ තිබ්බට දිනෙත් එනකන් මම බලන් හිටියේ ඉවසිල්ලක් නැතුව. දිනෙත් ආවේ මනේකා අක්කගේ වාහනේ. මිනංගා, අමෝද්‍යා, දිනෙත්, විහස්, අනුෂ්ක, කැලුම්, කෙහාන්, පරණ ඉස්කෝලේ හැමෝම සුදු ඇඳගෙන නිශ්ශබ්දව වාඩිවෙලා හිටියා. අමෝද්‍යා අඬලා තිබුණා. මිනංගා හිටියෙත් මූණ පුම්බගෙන. වාහනේට නැග්ගට කවුරුත් කතා කළෙත් නෑ.

අපි ගි‌යේ පන්නිපිටිය පැත්තේ මුල්ලක තිබුණ ගෙදරකට. ඒ ගෙදරම අවුල් ජාලයක් වෙලා තිබ්බට ගෙදර ඇතුළේ මනුස්ස පරාණයක් හිටියේ නෑ. 

"සුදු කොඩි ටික කෝ?" අනුෂ්ක ඇහුවේ වාහනෙන් බහින ගමන්. 

මේ ගෙදර කාගෙද කියලත් මම දැනන් හිටියේ නෑ. කවුරුත් මුකුත් කිව්වෙත් නෑ. මට අහන්න බය හිතුණ නිසා මම සද්ද නැතුවම සුදු කොඩි අදින්න කට්ටියට උදව් කළා. සාලේ මැද තිබුණ සෝෆා එක පැත්තකට ‌කරලා මැද්දෙන් ලොකු ඉඩක් හැදුවා. මිනංගයි අමෝද්‍යයි බිම මොප් කරලා සුද්ධ කළේ තාමත් ඉකිගහන ගමන්.

අපි එකතු වෙලා මකුළු දැල් කැඩුවා. හැමදේම කරලා ඉවර වෙද්දි රෑ දොළහට විතර ඇති. ටික වෙලාවකින් වාහනයක් ආවා. මම බලන් හිටියේ මෙච්චර වෙලා මම හොයපු ප්‍රශ්නෙට උත්තරේ එතනවත් ඇති කියලා හිතාගෙන. 

මම බලන් ඉඳිද්දි සුදු දිග ගවුමක් ඇඳගත්තු ගෑනු ළමයෙකු ඇතුළට ආවා. 

ඒ තමයි මගේ පළවෙනි ආදරේ.. මට වචනෙකින්වත් මගේ ආදරේ කියාගන්න බැරි වුණ මගේ පළවෙනි ආදරේ.

නිහාරා නදේශි. 



______

2024. 04. 19

මේක තමයි කතාවේ පළවෙනි චැප්ටර් එක.. මේක කියවලා දිගටම කතාව කියවන්න අලුතින් කියවපු අය. පරණ අය මේක කියවලා ඊට පස්සේ යන්න පරණ කියව කියව හිටපු තැනට.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now