03 - තිත්ත රස

222 45 31
                                    

"සූකිරි පුතා!" තම මිත්තණියගේ හඬින් සහීන්ගේ නින්දට බාධා එල්ල වූ අතර ඔහු සෝෆාව මත දෑත් දිග හැර ලෝකය ගිල ගැනීමට මෙන් විශාල ඈනුමක් පිට කොට සිටියේය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"සූකිරි පුතා!" තම මිත්තණියගේ හඬින් සහීන්ගේ නින්දට බාධා එල්ල වූ අතර ඔහු සෝෆාව මත දෑත් දිග හැර ලෝකය ගිල ගැනීමට මෙන් විශාල ඈනුමක් පිට කොට සිටියේය.

"සූකිරි පුතේ? තාම නිදිද?" අත්තම්මා ඔහුගේ පසෙකින් හිඳගනිමින් ඔහුගේ නළල මතින් අත තබද්දී සහීන් සිනාසී අසුන මතින් හිඳගත්තේය.

"වෙලාව කීයද?" නැතිවාටත් වඩා නිදිමතක් තම මිත්තණිය ඉදිරිපස රඟදක්වමින් ඔහු උත්සාහා කරන්නේ නැගණිය හා බෙදා ගැනීමට සිදු ව තිබූ ආදරය නැවතත් සම්පූර්ණව තමාට ලබා ගැනීමට බව අවබෝධ කරගත් මිත්තණිය ඔහු වැළඳගත්තාය.

"වෙලාව ‌දොළහයි. අද පන්ති යන්නේ නැද්ද?" 

සහීන්ට තමාට අද අමතර පන්ති යෑමට ඇති බව සිහි වූයේ ඉන්පසුවය. ඔහු අසුනින් වේගයෙන් බිමට පැන සිටගත් අතර වේලාව බැලීමෙන් පසුව තමාට අද වැඩි වේලාවක් ගෙන සූදානම් විය නොහැකි බව සිහි විය. මිත්තණිය අසල වේග කුණාටුවක් ඇති කරමින් හෙතෙම ඉහළ මාලයේ වූ නාන කාමරයට ගොස් මුහුණ දොවා ගත්තේ කණ්ණාඩිය මත ජල බිඳු විසුරුවා තමාගේම ඡායාව අපහැදිළි වන තරම් වේගයකිනි. 

අතට ගත් සබන් කැටය ලිස්සා යෑම නිසාවෙන් එය අහුළා ගැනීමට ඔහු තවත් කාලය ගත නොකොට මවගේ මුහුණ සෝදන දියර බෝතලය ගෙන එයින් බිඳු කිහිපයක් මුහුණ මත ආලේප කර සෝදා ගත්තේය. මුහුණ අත පය පිස දැමීම උදෙසා තුවායක් සෙවීමේ කාලයක් ඔහුට නැත. හැඳ සිටි කමිසය ගලවා මුහුණ පිසදා ගත් ඔහු අල්මාරිය විවර කළේ සෝදා මනාව මැද එල්ලා තිබූ කමිසයක් සොයා ගැනීමේ අරමුණින් යුතුවයි.

කළු පැහැති බිංදු වැටුණු සුදු කමිසයක් තෝරාගත් ඔහු එහි ‌බොත්තම් එකිනෙක පියවා ගත්තේ බොත්තමක හසුව ඔහුගේ සමද ඇදගෙන ඉදිරියට යෑමට තැත් කළ රෝම කූපයකට සිතින් බැන වදිනා අතරේදිය. නිවසේදි පරුෂ වචන භාවිතය තහනම් කොට තිබූ බැවින් ඔහුට සිතින් බනිනවා හැර කිරීමට වෙනත් පිළියමක් නොතිබිණි. කොට කලිසම ගලවා විසි කොට අල්මාරියේ යට නවා තිබූ නිල් පැහැති ඩෙනිම් කලිසම ගත් ඔහු එය හැඳගත්තේය.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now