18 - සමනල්ලු!

156 16 14
                                    

සාදයේ කිසිවක් අවසාන වගක් තවමත් පෙනෙන්නට නැත

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාදයේ කිසිවක් අවසාන වගක් තවමත් පෙනෙන්නට නැත. පුද්ගලික සරසවියේ පැවතුණු උත්සවයට සහභාගී වීමට සහීන් ඇතුළු ඔහුගේ මිතුරන්ට අවස්ථාව ලැබුණේ එම උත්සවයේ සංවිධායක මණ්ඩලයේ සභාපති අනුෂ්ක වූ බැවිනි. නිහාරාට පැමිණීමට අවස්ථාව ලැබුණේ සම සභාපතිවරයා වූ දිනෙත්ගේ ආධාරයෙනි. මිනංගා සහ අමෝද්‍යා පැමිණියේ පුද්ගලික සරසවියේ සිසුන් ලෙස වුවත් පිරිස මැද එක්ව විනෝදවද්දී ඔවුන් පැමිණියේ කොතනින්ද, කෙලෙසින්ද යන්න කිසිවෙකුටත් ගැටළුවක් වූ බවක් නොපෙනුණි. දැල්වෙන විවිධාකාර ආලෝක එළි මැද කොණක තනිව සිටි නිහාරා දෑස් යොමා සිටියේ අනුෂ්කගේ සහ අමෝද්‍යාගේ දෑතින්ම අල්ලාගෙන නටමින් සිටි සහීන් වෙතටයි.

දෙකන් පුපුරා යන තරම් ශබ්දය, දෑස් කණ වන තරමේ ආලෝකය, දහදිය සුවඳ සමගින් මුසුවූ බීම සුවඳ ආදී පුසුඹන් ඇගේ නාස් පුඩු හරහා ඇදී යද්දී නිහාරාට අවැසි වූයේ එතැනින් පළා යෑමටයි. විශාල පිරිසක් මැද අමතකව ගොස් කොණ් වීමට ඇය දැක්වූයේ දැඩි අකමැත්තකි. සියල්ලටම වඩා සහීන්ගේ අවධානය තමාට නොලැබීම! එය හදවත පාරමින් කටු අනින්නාක් මෙය ඇයට දැනුණේ පැය ගණනාවක් තිස්සේ සහීන් වෙනුවෙන්ම සැකසූ ඇගේ කොණ්ඩය මේ වද්දී අවුල්ව ගොස් තිබූ බැවිනි. වේලාව සවස හයයි තිහට පමණ ආසන්න වද්දී සිසුන් එකිනෙකා පිටවී යෑම ආරම්භ විය. පසුදින සාමාන්‍ය සිසුන්ට පාසල් දිනයක් වූ මුත් සාමාන්‍ය පෙළ අවසන් කොට තෙමසක් පමණක් ගත කර තිබූ මෙකී පිරිසට නම් කාලයේ ගැටළුවක් නොවීය. ශාලාව හිස් වද්දී අස්පස් කිරීමේ කටයුතුවලට සහය දුන් පසුව ඔවුන් පහල මාලයේ තිබූ කාර්යාල කාමරයේ සෝෆා මතින් ඇද වැටුණහ. ඔවුන් අතර සම්පූර්ණයෙන් පැතිර ඇත්තේ වෙහෙසකර සුසුම් සහ තෘප්තියේ ඉඟිබිඟිය.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now