13 - අපි කවුද?

109 23 3
                                    

කළා උළෙලට පෙර දිනයේ උදෑසන සිට සවස්වන තෙක් පුහුණුවීම් පැවැත්වෙන බව දන්වා එවා තිබියදී නිහාරා මානසික පීඩනය දත්මිටි කමින් ඉවසාගෙන පුහුණුවීම් සඳහා සහභාගී වූයේ ඇයට ලැබී ඇති චරිතය භාරදූර චරිතයක් වූ බවට ඇයටම වැටහී තිබූ නිසාවෙනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කළා උළෙලට පෙර දිනයේ උදෑසන සිට සවස්වන තෙක් පුහුණුවීම් පැවැත්වෙන බව දන්වා එවා තිබියදී නිහාරා මානසික පීඩනය දත්මිටි කමින් ඉවසාගෙන පුහුණුවීම් සඳහා සහභාගී වූයේ ඇයට ලැබී ඇති චරිතය භාරදූර චරිතයක් වූ බවට ඇයටම වැටහී තිබූ නිසාවෙනි. 

පිස්සියකගේ චරිතයෙන් ඇරඹෙන කතාවේ බිස්කට් පැකට්ටුවක් අමු අමුවේම ගිල දැමීමට ඇයට සිදුව තිබූ අතර දෙවන පුතු සිරගත වද්දී විලාප දී හඬමින් ඉන්පසුව තප්පරයක් තුලදී නැවතත් වර්තමාන කතාවේ තත්වයට අඩ සිහිය තිබූ තත්වයට පැමිණීම එතරම් පහසු කරුණක් නොවීය. නිහාරා පුහුණුවීම් වලදී නාට්‍යට දුන්නේ අඩු ශ්‍රමයකි. කුඩාවුන්ගේ රංගනයට ගැළපෙන ලෙසින් පුහුණුවීම් වලදී සාමාන්‍ය ලෙසින් රඟ දක්වා වේදිකාව මතදී හැකි උපරිමය ඉදිරිපත් කිරීම ඇගේ සාමාන්‍ය සිරිත විය. 

"නිහාරා කට්ටියව ලෑස්ති කරගන්න මේන් හෝල් එකට යන්න. වයිස් ප්‍රින්සිපල් එනවලු අයිටම්ස් බලලා අයින් කරන්න ඕන මොනවද කියන්න." 

නවය හා දහය ශ්‍රේණිවල රංගන ශිල්පීන් රැස් කර ගැනීමට එකොළහා ශ්‍රේණියේ සිටි පිරිමි සිසුවෙකු සහ නිහාරා වෙහෙස වන්නට විය. රංග භාණ්ඩ සඳහා තවමත් ඔවුන්ට කිසිවක් සූදානම් කර නොතිබූ හෙයින් නිහාරා නාට්‍ය කාමරයේ තිබූ භාවිත කළ හැකි සියල්ලක්ම ගෝනියකට දමා කර මතින් තබාගත්තේ කුඩාවුන් පිළිවෙළකට සකසා ගත් බිම්සර මල්ලි ප්‍රධාන ශාලාවට ඔවුන් රැගෙන යෑමේ වගකීම ගත් බැවිනි. පේළියට සෑදී ප්‍රධාන ශාලාවට පිය නගන සිසුන් පේළිය බැලීමත් සුන්දරය. සිසුන්ගෙන් අඩක් බොටම් කලිසම් සහ තද පැහැති කමිස වලින් සැරසී ඇත. බොටම් කලිසම අමතක වූ නිහාරා නිල ගවුමට යටින් ජීන්ස් කලිසමක් ඇඳ සිටින්නේ පිස්සියගේ චරිතයේ නින්දට වැටෙන අවස්ථාවේදී ඇගේ දෙපා නිරාවරණය වීම වළක්වා ගැනීමටය.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now