05 - අධිමාත්‍රාව

179 33 21
                                    

සුදු ගවුමේ රැළි දෙසට දෑස් යොමා කල්පනා ලෝකයක අතරමංව සිටි නිහාරා පුරවැසි කාමරයේ ලෑලි බංකුවක හිඳගෙන සිටියේ කිසිඳු අරමුණකින් තොරවය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සුදු ගවුමේ රැළි දෙසට දෑස් යොමා කල්පනා ලෝකයක අතරමංව සිටි නිහාරා පුරවැසි කාමරයේ ලෑලි බංකුවක හිඳගෙන සිටියේ කිසිඳු අරමුණකින් තොරවය.

"නිහාරා. කතා කරන්න පුළුවන්ද?" මිනංගාගේ හඬින් තම සිතුවිලි ලෝකයෙන් පියවි ලොවට පා තැබූ නිහාරා මිනංගා දෙසට බැල්මක් හෙළුවාය.

"කියන්න." 

"යමුකෝ පූල් එක පැත්තට. මට කියන්න දේවල් ගොඩක් තියෙනවා." මිනංගා පෙරමුණ ගන්නේ තනිව කතා කිරීමේ අවශ්‍යතාව තදින් කියා පාමිනි.

නිහාරාට වැදගත් බවක් දැනිණි. මිනංගා සියල්ලන්ගේම මිතුරිය වූවාය. ඇය වටා බොහෝ පිරිසක් සිටියදී ඇගේ ගැටළු බෙදා හදා ගැනීමට තමාව තෝරා ගැනීම පිළිබඳ සියුම් ආඩම්බරයක් නිහාරා තුළ උපද්දිද්දී ඔවුන් සුළඟට රැළි නැගෙනා පිහිනුම් තටාකය දෙසට පිය නැගූහ.

"මොකක්ද අවුල?" ඔවුන් රසකැවිලි කඩය අසල අසල බංකු දෙකකින් හිඳගත් විට නිහාරා විමසා සිටියාය.

මිනංගා දිගු සුසුමක් ගත්තාය. "මනෙත් අයියා බං. උඹ දන්නවනේ ඌ සෑහෙන කාලයක් අමෝද්‍යා පස්සේ ගිහින් අන්තිමට දැන් ළං වෙලා ඉන්නේ කියලා."

"අපෝ ඔව්." නිහාරා උනන්දු සහගත අයුරකින් මිනංගා දෙසට නැඹුරු වූවාය. "ඉතින්."

"බිග් මැච් එකේ ෆොටෝග්‍රැෆි වැඩවලට කෙල්ලෝ ගන්න හදද්දි ‌මනෙත් අයියට ‌ලොකු ආසාවක් තිබ්බා අමෝද්‍යාව ඕකට ගන්න හරිද. අමෝද්‍යා අපි වගේ නෙවෙයිනේ බං. ඒකිට වටේ වෙන දේවල් ගැන තේරුමක් නෑ. බබා වගේනේ. බිග් මැච්වල කොල්ලෝ බොනවා, ගහගන්නවා.. ඕවට ගෙනිහින් ඕකිව පරිස්සම් කරන්න පුළුවන්ද බං මට. ඉතින් මම බෑ කිව්වා. දැන් ඕකට වලි බං. මාව ෆොටෝග්‍රැෆි එකෙන් අයින් කරන්නත් හදනවා ඒ අස්සේ තියාගෙන." මිනංගා ඇගේ සිත තුළ ඇති ගැටළුව ඉදිරිපත් කරන්නේ බරපතල පෙනුමක් දෑසෙහි දරාගෙනය.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now