02 - කුණාටුව

229 45 14
                                    

ප්‍රධාන ගේට්ටුව අසල යකඩ පොල්ලකට පිට දුන් නිහාරා වහළයෙන් බේරි ‌පොළොවට එක්වන දිය බිඳු දෙස බලා සිටියාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ප්‍රධාන ගේට්ටුව අසල යකඩ පොල්ලකට පිට දුන් නිහාරා වහළයෙන් බේරි ‌පොළොවට එක්වන දිය බිඳු දෙස බලා සිටියාය. ඇගේ දෑස් ජල බිඳු සමගින් චලනය වන්නේ ඇය එයට සම්පූර්ණ අවධානය යොමු කර ඇති බවට හඟවමින් වුවද ඇගේ මනස ලොව වටා දුවමින් සිටි බව ඇයට හෝ වටහා ගත නොහැකි විය.

සුදු පැහැය මැද දරාගත් රෝස පැහැ සල් මල් දිය බිඳු සමගින් එක්ව වැටී ගල් ‌පොළොව වැළඳගනිද්දී වර්ෂාව තුරුල් වන්නට විය. නිහාරා බලා සිටියේ වර්ෂාව අවම වී ඇයට නිවසට යෑමට සුදුසු අවස්ථාවන් සොබා මාතාව ලබා දෙන තෙක්ය. නිවසට යෑමට වඩා පාසලේ නතරව සිටීම ඇයට උචිත ලෙස හැඟුණද මේ අවස්ථාවේ ඇයට ඒ කිරීමටද උවමනාවක් නොමැත. මහ මග නතරව ඔහේ කල්පනාවක නිමග්නව සිටීමට ඇත්නම් ඇයට සිතුණු වාර අනන්තය.

සහීන්ගේ කුඩයේ පහස ලබන්නට නැවත ඇති නම් යැයි ඇයට සිතුනද සහීන් මේ අවස්ථාවේ සිටින්නේ ශිෂ්‍ය නායක කාමරයේ අනික් ශිෂ්‍ය නායකයන් සමග බව ඇය දනී. ඇරත් තමා ඔහු පිළිබඳව උනන්දුවෙන් සිටින බවක් පෙන්වීමට ඇයට අවශ්‍ය නැත. වර්ෂාවේ අවසන් බිඳු කිහිපයත් සමගින් මඩ වැකුණු සුදු සපත්තුව ඇය පොළොවට තද කළාය. දෑත් පපුව හරහා බැඳ සිටියද පිරිපුන් පියයුරු ඇය සතු නොවූ නිසාවෙන් ඇගේ දෑත් ගැටුණේ ඇගේම ඇටසැකිල්ල සමගිනි.

පාසලේ එක්තරා කොණක ශිෂ්‍ය නායක කාමරයේ සහීන් තමාගේ මිතුරු මිතුරියන් මැද සිටගෙන පෑනකින් ඔහුගේ රාජකාරී පොතේ බලිකුරුටු මවමින් සිටියේය. 

"සහීන් පෑන දීපන්!" ඒ ඔහුගේ ප්‍රාණ සම මිත්‍රයා කෙහාන්ය.

සහීන් අසිහියෙන් මෙන් ඔහු අත වූ රතු පෑන කෙහාන්ට දිගු කර සිටියේය. කෙහාන් සෙවීමකින් තොරව රතු තීන්තයෙන් ඔහුගේ රාජකාරී පොතේ අත්සන් කොට සිටියේය. පෑනේ වර්ණය දැකීමෙන් පසුව ඔහුට උගුර යටින් විලාපයක් පිටවිය.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now