11 - සෙනසුරු

127 24 1
                                    

සෙනසුරු නිරීක්ෂණයට දුරේක්ෂය අටවා තිබූ තැනට ළමුන් කැඳවාගෙන යාමට පැමිණි මනේකා දුටුවේ මේසය මත හිස තබාගෙන සිටි නිහාරා සහ ඇගේ පසෙක හිඳගෙන ජනේලය දෙස බලා සිටි සහීන්වය

Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.

සෙනසුරු නිරීක්ෂණයට දුරේක්ෂය අටවා තිබූ තැනට ළමුන් කැඳවාගෙන යාමට පැමිණි මනේකා දුටුවේ මේසය මත හිස තබාගෙන සිටි නිහාරා සහ ඇගේ පසෙක හිඳගෙන ජනේලය දෙස බලා සිටි සහීන්වය.

"මොකද මෙතන? යන්නැද්ද සෙනසුරු බලන්න?" වැඩිමහල් සිසුවිය විමසද්දී නිහාරා හිස ඔසවා ඇය දෙස බැලුවාය.

"අක්කේ.." ඇගේ මුවින් කුඩා දරුවෙකු තම මව දුටු විට පිටවනවාට සමාන හඬක් පිටවූ අතර අසුනින් නැගිට ගිය නිහාරා මනේකාගේ අතක එල්ලී ඇයට තුරුළු වූවාය. 

"මොකද මේ?"

"මට මැරෙන්න ඕන.."

"නිහාරා! මම ඔයාගේ කණට ගහනවා ආයේ සැරයක් ඔයා ඕක කිව්වොත්." වැඩිමහල් සිසුවිය තර්ජනාත්මක ස්වරයකින් පවසද්දී නිහාරා තවත් ඇයට තුරුළු වූවා මිසෙක කිසිවක් කීමට වද නොවූවාය.

තමාගේ දෑස් සහීන් දෙසට යොමු කළ මනේකා දෑසින් විමසා සිටියේ කුමක් හෝ ගැටළුවක් තිබේද යන්න පිළිබඳවයි. සහීන් හිස වනමින් ගැටළුවක් ඇති බවට තහවුරු කළ මුත් ඔහුගේ දෑස් වලින් මනේකා අවබෝධ කරගත්තේ ගැටළුව කුමක්ද යන්න පිළිබඳව සහීන්ට අවබෝධයක් නොතිබූ බවයි. 

"ඕවා හරියයි දැන් සෙනසුරු දැක්කහම. යමුකෝ දෙන්නත් එක්ක. කට්ටිය පිරෙන්න කලින් ඉක්මනට ඒක බලලා වෝටර් රොකට් කම්පිටිශන් එකට බඩු ලෑස්ති කරන්න මට ඔය දෙන්නව ඕන." 

තාක්ෂණ පන්ති කාමරයේ සිට පහළ මාලයට බසින තරප්පු පෙළේදී මනේකාගේ අතක එල්ලී පහළ මාලයට බහින නිහාරා දෙස දෑස් රඳවා ගත් සහීන් පිච්ච ගසට රවන්නට වූයේ පිච්ච මලකට හෝ ඔහුගේ තනිකම හඳුනාගැනීමට නොහැකි වීම පිළිබඳව තරහකින් යුතුවය. පිච්ච මල් සහීන් දෙසට නැඹුරුව සුරුබුහුටි පත්‍ර නළවන්නේ මලක් නෙළාගෙන නිහාරාට ‌දෙන ලෙසට උපදෙස් දෙමින් වුවද සහීන්ගේ මානය ඔහුට ඒ සඳහා ඉඩ නොදෙයි. මනේකාගේ අතේ එල්ලීම පිට්ටනියේ දුරේකෂය අසලට පිය නගන නිහාරාගේ මුව දිගින් දිගටම සෙළවෙන්නේ ඇය යමක් පිළිබඳ චෝදනා කරන බවයි. ඇය සිප ගැනීම පිළිබඳ චෝදනාවක්වත් ඉදිරිපත් කරනවාදැයි බියක් සහීන්ගේ සිත තුළ ඇති වුවද තමා දෙසට එකදු බැල්මක් හෝ යොමු නොවන හෙයින් ඔහුගේ සිතේ චංචල බව අඩු වැඩි වශයෙන් වෙනස් වෙයි.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDOnde histórias criam vida. Descubra agora