තනිකම මකා ගැනීම උදෙසා සෞඛ්‍යදානයේ සිට පැළුණු සිමෙන්ති ගල් මතින් අඩි තබමින් නිහාරා ආපන ශාලාව දෙසට පියනගන්නට වූවාය. කුසගින්නක් නොමැති වූවද සෞඛ්‍යදානයේ තනිව හිඳගෙන සිටිනවාට වඩා ඇයට මොනවා හෝ යමක් සපමින් සිටීම සැපතක් ලෙසින් දැනෙන්නට ගෙන තිබිණි. සෞඛ්‍යදානයට ඇති කැපවීමට වඩා ඇය පාසලට පැමිණියේ සහීන්ව දැක බලා ගැනීම උදෙසා යැයි කිවහොත් එහි වරදක් නොතිබිණි.
ආපන ශාලාවේ කිසිවෙකුත් නොසිටි හෙයින් ආපන ශාලාව පසෙක තිබූ සමූපකාරයට පිය නැගූ නිහාරා ඇගේ දූවිලි වැකුණු දාර සහිත ගවුම් සාක්කුවෙන් රුපියල් විස්සක කොළයක් ගෙන සමූපකාර පඩිය මතින් තැන්පත් කළාය.
"මොනවද ඕන?" ඒ සමූපකාරය තුළ රාජකාරි කරනා තැනැත්තියගේ හඬයි.
"ම්ම්.. ලොලිපොප් එකක්?"
"මොන පාටද?"
නිහාරා ඇඟිලි තුඩුවලින් එසැවී ලොලිපොප් බෝතලය පරීක්ෂා කළාය. ඇගේ ඇඹුල් රසයන්ට ඇති ලොල් බව නිසාවෙන්මදෝ ඇය කොළ පැහැති ඇපල් ලොලිපොප් කූරක් ඇඟිල්ලකින් පෙන්වා සිටියාය.
"කොළ පාට ඇපල් එක?"
කොළ පැහැ ඇපල් රසැති ලොලිපොප් කූර ඇගේ අතට ලැබෙද්දී නිහාරා සතුටට පත්ව එහි කවරය ගලවා සාක්කුවට ඔබා ගත්තාය. කොළ පැහැති ලොලිපොප් කැවිල්ල ඇගේ දිවෙහි අංකුර කලාපය තෘප්තිමත් කරද්දී නිහාරාගේ කොපුල් එකිනෙකට තද විය. දෑස් වසාගෙන රසකැවිල්ලේ රසයට ඇයව ආක්‍රමණය කිරීමට ඉඩ හැරි ඇය තමා අසලට පැමිණි සහීන්ව නොදුටුවාය.
ලොලිපොප් කූරක් මුව තුළ රුවාගෙන සිටි නිහාරාගේ රුව ඇස ගැටීමෙන් ඔහුගේ ගෙල පෙදෙසට දැනුණු හැඟීම කුමක්දැයි ඔහුට වටහාගත නොහැකි විය. ඇගේ පසුපසින් රහසේ පිය නගමින් බිංගෙය තෙක් ඇයට නොදැනෙන ලෙසින් ඇයව හඹා ගිය හෙතෙම බිංගෙය අසලදී උගුර පාදා තමා පැමිණි බව ආචාරශීලි ලෙසින් දැනුම් දී සිටියේය. එය පාසලේ අධ්‍යන කටයුතු සිදුවෙමින් තිබූ කාලච්ඡේදයක් බැවින් සිසුන් කිසිවෙකුත් පාසල් භූමියේ සැරිසරමින් නොසිටියහ. වියළි පොළොව මත වූ දූලි කැට නර්ථන සාදයකට කැඳවමින් හමා ගිය සුළඟ ඔවුන් දෙදෙනාගේ සම වැළඳගනිද්දී නිහාරාගේ දෑස් සහීන්ගේ දුඹුරු පැහැ දෑස් සමගින් ගැටිණි.
YOU ARE READING
නොමළ ඇහැළ | boy x girl | COMPLETED
General Fiction"මම මටවත් ආදරේ නැතුව ඔයාට ආදරෙයි කියන්නේ කොහොමද සහීන්? මට ඔයාගේ ආදරේ ඕන. ඒත් මම ඔයාට ආදරෙයිද නැද්ද කියලා මම දන්නේ නෑ." - නිහාරා. "මම හිතන්නේ මම එයා ගැන හදිස්සි වුණා වැඩියි. මට ඒක ගැන කල්පනා කරන්න තිබ්බා.. මම පරක්කු වැඩියි." - සහීන්. 2023. 12. 21