පොලිස් වාර්තාව

94 18 3
                                    

දිනය : 2024. 06. 11
වේලාව : 13:41
පොලිස් ස්ථානය : මරදාන
සාක්ෂිකරු : සහීන් මිනුවන් වේග‌ොඩ
උප පොලිස් පරීක්ෂක : අජන්ත නාරහේන්පිට


සහීන් : "නිහාරා නදේශි. මම එයාගේ නමේ දන්නේ ඒ කෑලි දෙක විතරයි. අපේ ඉස්කෝලෙ හිටියට මට ලොකු ආශ්‍රයක් නොතිබුණ ‌ගෑනු ළමයෙක්. වැඩිම වුණොත් මම එයා එක්ක වචන දෙකක් කතා කරලා ඇති. හැබැයි මට එයාව හොඳට මතකයි. එයාට හොඳ සද්ද කටක් තිබ්බා. රඟපාන්න දක්ෂයි. ඉස්කෝලේ මොන ඩ්‍රාමා එක තිබ්බත් එයා ඒ හැම එකකම හිටියා. අපි දෙන්නා එක පන්තියේ ඉඳලා නෑ කවදාවත්. මීඩියා එකේ එක දවසක් එයා ප්‍රැක්ටිස් ආවහම එතන හිටියේ මම. එයා මං ගාව ඉන්න කැමතියි කියලා කිව්වා අනික් අයට වඩා. මම හිනාවුණා. ඒ ඇරෙන්න එයා එක්ක මම කතා කළේ එකම එක සැරයයි ඒ බස් එකකදි. එයාව මනුස්සයෙක්ගේ ඇඟේ වැදිලා වැටෙද්දි මම එයාව අල්ලලා කෙලින් කරලා ඇහුවා ඔයා හොඳින්ද කියලා. එතනින් පස්සේ අපි දෙන්නා කතා කරලා නෑ."

අජන්ත : "ඒ කියන්නේ මේ දිනපොතේ තියෙන කිසිම දෙයක් ඇත්ත නෙවෙයි?"

සහීන් : "ඔය නාට්‍ය දවසේ මම එනවුසින් කරපුවා ඒවා ඇත්ත. ඒත් අපි කතා කරලා නෑ." 

අජන්ත : "නිහාරා මේ දිනපොත කවරෙක දාලා ඔයාගේ නමට ලියලා තියෙන්න හේතුව මොකක් විදිහටද ඔයා දකින්නේ?"

සහීන් : "මට කිසිම අදහසක් ඒක ගැන නෑ සර්."

අජන්ත : "එයා ඔයාට කැමැත්තෙන් හිටියා වගේ අදහසක් ඔයාට දැනිලා තියෙනවද සහීන්?"

සහීන් : "මට ලොකුවට අදහසක් නෑ සර්. එයා මං ඉන්න තැන්වල ඉන්නකොට ‌ගොඩක් කතා කරා.. උඩ පැන පැන සතුටින් හිටියා කියලා මතකයි. ඒත් ඒක එයාගේ පර්සනලිටි එකේ හැටි. අර කියනවා වගේ බබ්ලි ඇන්ඩ් වයිබ්‍රන්ට් පර්සනලිටි එකක් එයාට තිබ්බා. ආහ්.. මට මතකයි මම දවසක් එයාගේ යාළුවෙක්ට කිව්වා ට්‍රැක් වුණාට ඒකි හොඳ කෙල්ලෙක් බං කියලා. ඒක කිව්වේ දවසෙම පිස්සු නටලත් අන්තිමට එයා මුළු ලැන්වේජ් ඩේ එකේම වැඩ ඉවර කරපු වෙලාවක."

අජන්ත : "සහීන් ඔයාට මොනවා හරි දේවල් මතක් වුණොත් අපිට කියනවද?"

සහීන් : "අනිවාර්යෙන් සර්."


නිරීක්ෂක : පොලිස් පරීක්ෂක නිමල් කාරියවසම්.
වේලාව : 14:15 


________

2024. 04. 19


නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now