14 - අම්මා

92 19 3
                                    

නාට්‍යට පෙර ඔවුන්ව වේෂභූෂණය කිරීම උදෙසා කිසිවෙකුත් නොපැමිණි හෙයින් ඔවුන්ගේ වේෂභූෂණ කටයුතු ඔවුන්ටම කර ගැනීමට සිදුවද්දී වයස්ගත පෙනුමක් ලබා ගැනීම උදෙසා නිහාරා ඇගේ නිවසේ තිබූ පවුඩර් බෝතලය හිස මතින් ඉස ගත්තාය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

නාට්‍යට පෙර ඔවුන්ව වේෂභූෂණය කිරීම උදෙසා කිසිවෙකුත් නොපැමිණි හෙයින් ඔවුන්ගේ වේෂභූෂණ කටයුතු ඔවුන්ටම කර ගැනීමට සිදුවද්දී වයස්ගත පෙනුමක් ලබා ගැනීම උදෙසා නිහාරා ඇගේ නිවසේ තිබූ පවුඩර් බෝතලය හිස මතින් ඉස ගත්තාය. සහීන් නිවේදන වේදිකාවේ කැරකැවෙමින් නිවේදන කිරීමට සිටි වැඩිමහලු ගැහැනු ළමයා පැමිණෙන තෙක් කල් මරන්නට වූයේ ඔහුට 'මේක්-අප්' තවරා ගැනීමේ උවමනාවක් කිසිඳු ආකාරයකින් නොතිබූ බැවිනි.

නාට්‍ය තිබුණේ සතරවන අංගය ලෙස වූ අතර වේදිකාව පසුපසින් නාට්‍ය සගයන් සමග පැමිණි නිහාරා අත හරහට තුරුළු කරගත් යමක් තිබිණි. පිරිස තම තමාගේ ලෝකවලට ඇදෙනා තෙක් බලා සිටි නිහාරා සහීන් අසලට ඇදුණේ අත තිබූ පොදියද සමගිනි.

"මේ මගේ බබා." ඇය එක්වරම ඔහුගේ අතට ඇන පැවසූයේ අත වූ තැඹිලි පැහැ හිසකෙස් සහිත ‌බෝනික්කා පෙන්වමිනි.

"ලස්සනයි." සහීන් තමාගේ සරමේ තැඹිලි වර්ණය හා බෝනික්කාගේ හිසේ වර්ණය සසඳා සිනහවකින් යුතුව පවසා ඇගේ මුහුණ දෙස බැලීය.

නිහාරාගේ හිසකෙස් සුදු පැහැ වන තෙක් පවුඩර් තවරා තිබූ අතර ‌කිසිඳු ආලේපනයකින් තොරව වුවත් ඇයට තිබූ සැබැවින්ම විඩාපත් පෙනුම ඔහුට දුන්නේ කණගාටුවකි. නාට්‍ය පුහුණුවීම් පෙරදා රාත්‍රී දහය පසුවන තෙක් පැවති බවත් නිහාරා ඇතුළු පිරිමි ළමුන් පිරිසක් නාට්‍යයේ භාණ්ඩ සාදමින් පාසලේම තවත් වේලාවක් රැඳී සිටි බව ඔහු දැන සිටියේය. 

"මේක ඉවර වෙලා ගිහින් නිදාගන්න. අද පන්තිත් නෑනේ." ඔහු බෝනික්කාගේ හිසට තට්ටු කොට බෝනික්කාට පැවසූයේ නිහාරාටද ඇසෙන ආකාරයෙනි. නිහාරා කට කොණකට සිනහවක් නගා ගත්තද කිසිවක් නොකියා දෑතින්ම බෝනික්කා පපුවට තුරුළු කරගෙන සිටියේ අලුත් උපන් බිළිඳා තුරුළු කරගත් මවකගේ විලාසයෙනි.

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now