09 - අවසර, අනවසර

148 31 5
                                    

"අම්මා!" සහීන්ගේ හඬ තවත් ආයාචනාත්මක වද්දී ඔහුගේ මවට තවත් එය දරාගත නොහැකිය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"අම්මා!" සහීන්ගේ හඬ තවත් ආයාචනාත්මක වද්දී ඔහුගේ මවට තවත් එය දරාගත නොහැකිය. මෙය තවත් දුරදිග ගියහොත් අවසානය වන්නේ සහීන්ගේ සම පුපුරා යන තරමේ පහර කෑමකින් බව ඇය දනී.

තම පුත්‍රයාගේ ආයාචනය නෑසුණාක් මෙන් මුළුතැන්ගෙයි වළන් පිඟන් සමගින් ගැටෙමින් සිටි මවගෙන් ප්‍රතිචාරයක් නොලැබෙන බව දුටු තැන සහීන් නිහඬ විය. ඔහු පැය ගණනාවක් පුරාවට ආයාචනය කරන්නේ පාසලේ පැවැත්වෙන තාරකා විද්‍යා රාත්‍රී කඳවුරට යෑම උදෙසාය. ඔහුගේ දෙමාපියන් මින් පෙර ඔහුට එම අත්දැකීම ලබා ගැනීමට ඉඩ දී නැති බැවින් උසස් පෙළ ආරම්භයට පෙර එම අත්දැකීම ලබාගැනීමට අවශ්‍ය වී ඇත.

මුළුතැන්ගෙයි තිබූ බඳුන් සියල්ල පිස දැමූ පසු ඔහුගේ මව ඔහුව නොදුටුවාක් මෙන් ඔහුව පසු කර යෑමට තැත් කළද සහීන් මවගේ අතක එල්ලුණේය. "අනේ අම්මා.."

"කෝ යන්න දෙන්න ළමයෝ. ඔයාගේ වැඩ නිසා මට රස්සාවත් නැති වෙනවා දැන්." සහීන්ගේ අත දමා ගසා යෑමට තැත් කළද තම පුත්‍රයා තව දුරටත් වසර දෙකක් වයසැති කුඩා දරුවෙකු නොවන බවට නිර්මලා වටහා ගත්තාය. ඔහු සිරුරින් වැඩී තිබුණු ආකාරය සැබැවින්ම ආශ්චර්යකි. ඇගේ ඇඟිල්ලක අපහසුවෙන් එල්ලී සිටි කොලුවා අඩි හයක් පමණ උස් වී දැන් දඬු අඬු වැනි අතකින් ඇගේ අතක එල්ලී සිටී.

"හ්ම්ම් හ්ම්ම්. මම ගිහින් අප්පච්චිගෙන් අහන්නම්. දැන් යන්න දෙන්න ළමයෝ!" 

සහීන්ට පුදුමය දරාගත නොහැකි වද්දී ඔහුව මුළුතැන්ගෙයි තනිකොට මව එතැනින් පිටව ගියාය. රාත්‍රියේ පරිසරයේ පැතිර ඇති රැහැයි නාදය සහ ගෙම්බන්ගේ නාදය ඔහුගේ පුදුමයට සංගීතයෙන් සතුට සපයද්දී සහීන් කෙළ ගුලියකට ඔහුගේ උගුර පසුකොට යන්නට ඉඩ හැර මුළුතැන්ගෙයි අසුනකින් හිඳගත්තේය. යමක් සිදුවීමට නියත බව ඔහුට දැනෙන්ට වද්දී ඔහුගේ සතුට බියකට පරිවර්තනය වූයේ තප්පර කිහිපයක් තුළයි. 

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now