20 - ස්ට්‍රෝබෙරි සහ සිගරට්

88 19 1
                                    

සහීන්ගේ ඇඟිලි තුඩු අතර රැඳී තිබූ සිගරැට්ටුව නිවී යන්නට ආසන්නය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සහීන්ගේ ඇඟිලි තුඩු අතර රැඳී තිබූ සිගරැට්ටුව නිවී යන්නට ආසන්නය. තව දුරටත් එය ඇඟිලි තුඩු අතර රඳවාගතහොත් ඔහුගේ අතැඟිලි පිළිස්සෙන තරම් ගෙවී ගොස් තිබූ සිගරැට්ටුව බිමට දැමූ හෙතෙම එය පයින් පාගා නිවා දැමුවේය. 

"තව එකක් ඕනද?" ඔහුගේ පසෙක මේසයක් මත හිඳගෙන සිටි සුදු උස පිරිමි ළමයෙකු විමසද්දී සහීන් අඩ සිහියෙන් මෙන් හිස දෙපසට වැනුවේ අනවශ්‍ය බව කීමට ‌මෙනි. 

"අර බඩුව අදත් උඹ පස්සේ ආවද?" නැවතත් සුදු කොල්ලාගෙන් පැනයක් ඉදිරිපත් වද්දී ඔවුන'තර තිබූ නිහැඬියාව බිඳිණි.

"නෑ පූර්ණ." සහීන් නොසැලකිල්ලෙන් මෙන් පිළිතුරු දුන්නේ ඔහුට නැවත ඒ පිළිබඳව අදහසක් දැක්වීමට උවමනා නොවූ බව කියා පෑමට මෙනි.

"වේප් එකක් ඕනද?"

සහීන් සුසුමක් හෙළා පසෙක තිබූ ඔහුගේ පාසල් බෑගය අතට ගත්තේය. "මම පන්තියට යනවා. මට මහන්සියි."

දුම් පානයට ඇබ්බැහි වීම හෝ අත්හදා බැලීම පවා සහීන්ගේ දිනපොතක හෝ සිතක කිසි දිනක තිබූවක් නොවීය. උසස් පෙළ සඳහා කොළඹ පාසලකට ඇතුලත් වූ පසුව ඔහුට හමු වූ මිත්‍රයන්ගේ ආශ්‍රයේ ප්‍රතිඵලයක් ලෙසින් ඔහුට දැනුණු වදනින් කිව නොහැකි වේදනාවන් පිට කිරීමේ මාර්ගයක් ලෙස දුම් පානය සහීන්ගේ දින චර්යාවට ඇතුළුව තිබුණේ මාස කිහිපයකට සිටය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල පැමිණි දිනට පසුව හෙතෙම නිහාරා සමග වදනක් හෝ කතා නොකර නොතිබිණි. මාසයක් පුරාවට නිහාරා ඔහු පසුපසින් පැමිණෙමින් ඔහුගේ අවධානය ඉල්ලා හඬා වැටුණත් පසුව ඇය පත්ව තිබුණේ සහීන් ඇය අසල සිටියත් ගණනකට නොගන්නා තත්වයකටයි. 

එයින් ඔහුට යහපතක් වේ යැයි සහීන් අනුමාන කළද ඔහුගේ අනුමානය වැරදි විය. නිහාරාගේ අවධානය නොලැබී යාම ඔහුව පත් කළේ තවත් වේදනාවකටය. නිවසින් ඔහුව අතහැර දමා තිබුණාක් මෙන් දැනුණු හැඟීම දෙගුණ තෙගුණ වද්දී සහීන් පිළිතුරු සෙව්වේ දුම් පානය මගිනි. අන්ධකාරයෙන් වැසී ගොස් තිබූ අතුරු පාරෙන් ප්‍රධාන පාරට පිය නැගූ සහීන් බස් නැවතුම් පොළේ ලී බංකුව මතින් හිඳගෙන හිස් අවකාශය දෙසට බැල්මක් යොමු කළේය. ‌කුඩා කළ පටන් ඔහුට හුස්ම ගැනීමේ අපහසුවක් තිබුණද ඇවිදීම හෝ දිවීම ඔහුව වෙහෙසට පත් කළේ කලාතුරකිනි. කෙසේ වෙතත් ආසන්න කාලයක සිට සහීන්ට අඩි කිහිපයක් ඇවිද ගියද හුස්ම ගැනීම අපහසුවන තරම් දුර්වලතාවයක් ඇති වී තිබූ මුත් එය සිගරට් පානයේ අතුරු ආබාධයක් බව පිළිගැනීමට ඔහු අකමැති විය. 

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now