08 - මුසාව (TW)

184 35 23
                                    


(අනතුරු ඇඟවීමයි : ස්වයං හානිය, සියදිවි නසාගැනීමට තැත් කිරීම, අතවර පිළිබඳ සඳහන් කර ඇත.)

ඒ නිහාරාට වයස අවුරුදු දොළහක් වූ කාලයයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ඒ නිහාරාට වයස අවුරුදු දොළහක් වූ කාලයයි. සහීන් මුණගැසීමට වසර හතරකට පෙර පමණ ආසන්න කාලයකදි සිදු වූ සිදුවීම් සහීන් හමු වූ පසුවත් ඇයව වදයට පත් කරමින් තිබිණි. නිහාරාට වයස අවුරුදු එකොළහක් පමණ වන විට ඇගේ මවට පියයුරු පිළිකාවක් ඇති බවට සොයා ගැනිණි. පානදුර නගරයේ සිටි ඇගේ මව සහ සොහොයුරා පැමිණ පන්නිපිටිය ඇගේ නැන්දණිය සිටි නිවසේ පදිංචි වූයේ මහරගම අපේක්ෂා ‌රෝහලෙන් ප්‍රතිකාර ගැනීමේ අරමුණින් යුතුවයි.

නිහාරා මානසිකව වදයට පත්වෙමින් විශාද තත්වය කරා යෑමේ ආරම්භය සිදුවූයේ ඒ වසර කිහිපය තුළ බව ඇයට හොදින් සිතාගත ‌හැකි වූයේ දිනපොත් පුරා ඇඳ තිබූ බලිකුරුටු විශාල ප්‍රමාණයක් ඇගේ මනසේ තිබූ නොසන්සුන් බව විදහා කියා පෑ විටයි. 

'ඇයි එයාලට මාව ඕන නැත්තේ? ඇයි පඩිපෙළ යට මම තනියම අඬද්දි අක්කලා දෙන්නයි නැන්දයි මාමායි උඩට වෙලා සතුටින් ඉන්නේ. ඇයි පහළ කාමරේ ඉන්න අම්මයි මල්ලියි තාත්තයි කට්ටියටවත් මාව මතක් නොවෙන්නේ?'

තාත්තා යනුවෙන් ඇගේ මවගේ දෙවන විවාහයේ සැමියා හඳුන්වා තිබුණද කල් ගතව යාමෙන් ඇගේ පියා සොයා ගැනීම යන්න විසඳිය නොහැකි අර්බුධයක් බවට පත්ව තිබිණි. නිරන්තර දැනුණු කොන් වූ හැඟීම, වයසින් ඇයට වඩා බෙහෙවින් බාල සහෝදරයා නිසාවෙන් ඇයට ලැබුණු අඩ සැළකිල්ල ආදී සියල්ලෙන් හෙම්බත්ව සිටි නිහාරා කුඩා දෙයටත් කෝප ගන්නා 'ගිනි කිකිළියක' බවට පත් වන්නට ගත වී තිබුණේ සුළු කාලයකි. 

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now