12 - ඇහැළ මල්

133 29 6
                                    

"මොකද ඔය තොලට වෙලා තියෙන්නේ?" සඳුදා දිනයක ශිෂ්‍ය නායක කාමරයට පැමිණි සහීන්ට අමෝද්‍යාගෙන් එල්ල වූ පළමු ප්‍රශ්නය එය විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"මොකද ඔය තොලට වෙලා තියෙන්නේ?" සඳුදා දිනයක ශිෂ්‍ය නායක කාමරයට පැමිණි සහීන්ට අමෝද්‍යාගෙන් එල්ල වූ පළමු ප්‍රශ්නය එය විය. 

සහීන් දිවගින් තුවාලය ස්පර්ශ කොට එහි තිබූ රුධිර රසය තවමත් තිබේදැයි පරීක්ෂා කොට සිනාසුණේ වරදක් කොට හසුවූ කුඩා දරුවෙකුගේ සේයාවකිනි. "බිත්තියක වැදුණා." 

"හරි ශෝක්. ඉන්නේ නම් හෙණම සිහියෙන් ඉන්න පුද්ගලයෙක් වගේ. අන්තිමට බිත්ති සිපගෙන තොලත් පලාගෙන." අමෝද්‍යා ඇගේ පාසල් බෑගය ලොකරයක් මතින් තබා පුටුවකින් හිඳගත්තේ තවමත් ශිෂ්‍ය නායක කාමරයට වැඩිමහල් ශිෂ්‍ය නායකයන් පැමිණ නොතිබූ නිසාවෙනි. වැඩිමහල් ශිෂ්‍ය නායකයන් පැමිණි විටෙක ඔවුන්ට අසුන්වල හිඳගැනීමට අවසර දී නොතිබිණි. 

වේලාව උදෑසන හයට ආසන්න වන්නට ඇත. පාසල ඇරඹීමට පැය එකහමාරකට ආසන්න කාලයක් තිබුණද ළමුන් කිහිප දෙනෙකු මේ වන විටත් පාසලේ තැන තැන සැරිසරන්නේ සතියේ අග පැවැත්වීමට තිබූ කලා දිනයේ පුහුණුවීම් මේ වන විට ආරම්භ වී තිබුණු බැවිනි. සහීන් පාසල් පැමිණියේ ඔහුව කලා දිනයේ නිවේදන කටයුතු සඳහා ‌යොදවා ඇති බව දැනුම් දී තිබූ හෙයිනි. 

පාසල ඉහළින් තිබූ අහස තවමත් හැඬූ කඳුළින් සිටි හැඟුම්බර කතකගේ මුහුණ මෙන් කළුවරය. මීදුම් වළා කිහිපයක් උස් ගස් අතු අතරින් දැල් වියමින් තිබිණි. හිරු නැග එමින් තිබුණද බැස යන්නට අකමැති වූ සඳත් අහසේ පසෙක රජයද්දී අවදි වෙමින් සිටි සියොතුන් උදෑසනින්ම ගීත ගායනය අරඹා තිබිණි. 

නිදහස අත්විඳීමට කැමැති වූ අමෝද්‍යා පුටුවේ දිග හැරී දෑස් පියාගත් අතර සහීන් එතැනින් නැගිට පැසිපන්දු පිටියට පිය නැගුවේ උදෑසන පුහුණුවීම් පැවැත්වේද නැතිද යන්න දැක ගැනීම උදෙසාය. ඔවුන් නිවේදන කටයුතු පුහුණුවීම් සඳහා යොදාගැනීමට තීරණය කර තිබුණේ පැසිපන්දු පිටියයි. උදෑසන පුහුණුවීම් පැවැත්වෙනවා නම් පුහුණුවීම් සඳහා පැවැත්වෙන නිහාරාවද දැක ගැනීමට ඔහුට හැකි වන බව ඔහු හොඳින් දනී. නිහාරාව මතක් වන වාරයක් පාසා ඔහුගේ තොලේ තුවාල කැළල රිදුම් දෙන්නටත් ඔහුගේ කොපුල් දවාලමින් කුස තුළ කිති කැවෙනා හැඟුම් රැසක්ද ඇතිවන්නට වූයේ ඔහුගේ පාලනයෙන් තොරවය. 

නොමළ ඇහැළ | boy x girl  | COMPLETEDWhere stories live. Discover now