Chapter 13💜️💚

352 34 17
                                    

ජන්කුක් ගොඩක් වේගෙන් drive කරේ හිතේ තිබුන කේන්තියත් එක්ක. ඒත් ඇත්තටම ජන්කුක් හරිද? එයා වැරැද්දක් ද මේ කරන්නේ? ඔව් ජන්කුක් වැරදී එයාට එකපාරක් ටේ කියන දේ අහන්න තිබුනා. එදා ටේ ජන්කුක්ව reject කරන්න කලබල වුනාට වඩා ජන්කුක් අද දහස් ගුණයක් කලබල වුනා.

අපි ජීවිතයේ මොකක් හරි තීරණයක් ගනිද්දී ගොඩක් හිතලා බලලා තීරණ ගන්න ඕනි. නැත්නම් අපි ජීවිතේ ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ආයේ පිටිපස්ස හැරිලා බලද්දී පසුතැවෙන්න, දුක් විදින්න වෙන විදියේ තීරණයක් කොයි වෙලාවකවත් ගන්න එපා. එහෙම වුනොත් මුළු ජීවිත කාලෙම  වුනත් ඔයාට ඒ නිසා දුක් විදින්න වෙයි.

ටේත් ගොඩක් වේගෙකින් drive කලේ එයාට ජන්කුක් එක්ක මේ ගැන කතා කරන්න ඕනි වුනා. මොකද එයා ගියපාරත් වැඩක් නෑ කියලා ජන්කුක්ව අතඇරලා දැම්මා. ඒත් මේ පාර ටේ ජන්කුක්ට අතඅරින්න ලෑස්ති නෑ.

ජින්ගේ mansion එකට වැඩිය දුර නෑ. උපරිම විනාඩි 45ක් වගේ යයි ජින්ගේ mansion එකට යන්න.

After Few Minutes

ජන්කුක් වේගෙන් drive කරන් ආපු car එක පාර අයිනට කරලා නැවැත්තුවා. ජන්කුක් දැක්කා ටේ එයාව follow කරනවා කියලා ඒකට ඇතිවෙච්ච තරහා නිසාම ජන්කුක් mansion එකේ gate එක ගාවින් වාහනේ නවත්වලා car එකෙන් බැස්සා. ජන්කුක් එක අඩියක් ඉස්සරහට තියන්න ඇති. ඒත් ජන්කුක්ට වැඩි වෙලාවක් ඒ කේන්තිය ඒ විදියට තියාගෙන ඉන්න පුලුවන් වුනේ නෑ.

දඩාස්ස්ස්💥

🐯-" ආ!!!! "

ඕනමනම් එක තත්පරයක් යන්න ඇති හිතපු නැති විදියේ ලොකු විනාශයක් වුනේ. ජන්කුක් වාහනේ නැවැත්තුවාම ජන්කුක්ව නවත්තගන්න බැරිවෙයි කියලා හිතපු ටේ එයාගේ වාහනේ පාරේ එහා අයිනට කරලා නවත්තලා car එකෙන් බැස්සා. අඩුම car එකේ එන්ජින් එකවත් නවත්තන්න තරම්වත් ටේට සිහියක් නෑ. car එකේ දොරත් ඇරපු විදියටම තියලා පාර පැන්නේ. හැබැයි ටේට එකක් අමතක වුනා ඒ තමයි මේක පාර කියන එක. ටේට තිබුන කලබලේට
ටේ පාර දෙපැත්ත වත් නොබලා ජන්කුක් ගාවට යන්න ගියා. ඒත් එක්කම පාරේ පදවාගෙන ආපු ලොකු jeep එහෙකට ටේ හැප්පුනා. ටේ විසික්වෙලා ගිහින් අඩි දෙක තුනක් දුරින් වැටුනා. ටේගේ ඇග තනිකරම ලේ විලක්.

Rejected Alpha💚💜️🐺Where stories live. Discover now