Chapter 1

413 70 14
                                    


" දැන් බලනවා වෙලාව කීයද කියලා.. මම කී පාරක් කීවද ටිකක් කලින් ඕෆ් වෙලා යන්න කියලා "

" හරි හරි මල වදේ මම පරිස්සමෙන් යන්නම්.. "

          මම මගෙ යුනිෆෝම් එක උන්ඩි කරලා කරලා බෑග් එකට ඔබාගන්න ගමන් කීවෙ ෆෝන් එකත් අතට අරගෙන.. 

" පරිස්සමෙන් යනවා හරිද ? ගියපු ගමන් මට කෝල් එකක් දාන්න "

" හරි ඕය්..! තව්සෙ මොකද මගෙ ගැන ඔච්චර හොයන්නෙ මම තමුසෙගෙ කෙල්ල නෙමේනෙ "

" කෙල්ල උනත් නැතත් මට ඉන්න හොදම යාලුවා ඔයා ලයිලා.. ඒ නිසා පරිස්සමෙන් ඉන්න.. අනික මම බයය් ඔයා ඔය ජීවත් වෙන විදියට.. "

" හරි හරි මම යන්නම් බාය් හෙට හම්බෙමුකෝ "

          මම කාර් එක ස්ටාර්ට් කරගෙන හොස්පිටල් එකෙන් එලියට දාගත්තේ හොදටම පාර අදුරු වෙලා තියෙන වෙලාවක.. දැන් වෙලාව පාන්දර එකට විතර ඇති.. වෙලාවක් කලාවක් ගැන මට ගානක් තිබුනේ නෑ.. මහ රෑ ගමන් යන්න ඒ කාලෙ මම කොච්චර බය වුනත් දැන් මම ගෙවන ජීවිතෙත් එක්ක එහෙම බයක් මට නෑ...

" ආපෝ මොන වාතයක්ද මන්දා..."

       දීපු දේශනාව මදි වෙලාද මන්දා ජීමින්ගෙන් ආයෙ කෝල් එකක් එනකොට මම ෆෝන් එක ආන්සර් කරලා හෑන්ෆ්‍රී දෙක කනේ රදවගත්තා..

" ඇය් මොකද ? ඩ්‍රයිව් කරනකොට කෝල් ගන්න එක නරක වැඩක් කියලා ඩොක්ටර් ජීමින් පාක්ට තේරෙන්නෙ නැද්ද ?"

" ජීමින් පාක් නෙමේ ගෙම්බියේ.. තව්සෙගෙ පර්ස් එක දාලා ගිහින්.. දැන් ඉතිම් ඕක ගැන හිතන්නෙ නැතුව යනවා.. "

       ජීමින් කෝල් එක තියනකොට මම එක අතකින් ඔලුව කසන්න ගත්තෙ මගෙ කල්පනාව ගැන මම මටම දොස් පවරගනිමින්.. ඒක ගැන හිත හිත ගියාට මොකද එකපාරටම ඉස්සරහින් මගෙ කාර් එකට අතදැම්මෙ NIS එකේ ඔෆිසර් කෙනෙක්..

" මිස් මේ පාරෙන්නම් යන්න බෑ ඉස්සරහා පොඩි ඇක්සිඩන්ට් එකක් වෙලා.. මිස්ට පුලුවන් නම් වෙන පාරකින් යන්න වෙනවා.. "

       මම ඇස් ගෙඩි දෙක ජිල්බෝල සයිස් කරගෙන ඔලුව කසන්න ගත්තේ දැන් කොහෙන්ද යන්නෙ කියලා හිතාගෙන.. ගෙදරට ඒ හැටි දුරකුත් නෑ.. ඒත් දැන් මම ආයෙ ගියොත් යන්න වෙන්නෙ ටිකක් දුර පාරකින්.. ඉස්සරහා පාරෙ වටෙ වෙලා ඉන්න සෙනග දිහා බලපු මම කාර් එක රිවස් එකට අරගෙන ආපහු හරව ගත්තා..

LUCIFERWhere stories live. Discover now