Chapter 17

178 37 34
                                    


" ලයිලා, මොකක්ද උනේ ?"

මම ඇස් ඇරපු ගමන් ටේහ්‍යුන් මගෙ ගාවට ඇවිත් ඉදගෙන ඇහුවා.. මම මුකුත් හිතාගන්න බැරුව අන්දුන් කුන්දුන් වෙලා හිටියේ.. කව්ද මගෙ බෙල්ල මිරිකුවේ ??

" අපි එනකොට ඔයා ඔයාගෙම බෙල්ල අල්ලගෙන හිටියේ "

ටේහ්‍යුන් මගෙ දිහාම බලාගෙන කීවෙ කනගාටුදායක විදියට.. එතකොට මමද මගෙම බෙල්ල මිරිකගන්න ගියේ.. ?

" එයාට කොහොමද දැන් ??"

ඒත් එක්කම වගේ අර යස්ස පැටියා ආවෙ මම තාමත් අන්දුන් කුන්දුන් වෙලා බලන් ඉද්දි...

" අර හවස පහල හිටියෙ කව්ද ?"

" මිස්ටර් ලූකර්ද?"

මම ඉතින් ඒකාගෙ නම දන්නෙ නෑ.. හැබැයි ඒකා මොකා උනත් හොද කෙනෙක් නෙමේ කියලා මට තේරුනා..

" හෙට ඉදන් ලයිලා මාත් එක්ක ඉන්න.."

ඒත් එක්කම ජන්කුක් කියපු දේත් එක්ක මම ගල්වෙලා එයා දිහා බලන් හිටියා.. එයා එක්ක මම ඉන්නෙ ඇය්.. අනිත් එක තමා මේ මනුස්සයාගෙන් එහෙම දෙයක් අහන්න ලැබෙය් කියලා මම හිතුවෙ නෑ.. කොහොම කොහොම හරි මම මගෙ තුවාල වලට බෙහෙත් දාගෙන මගෙ කාමරේට යද්දි මගෙ ඇදුම් එකක්වත් කාමරේ තිබ්බෙ නෑ...

" මගෙ ඇදුම් කෝ ???"

" මිස්ගෙ බඩු ටික සර්ගෙ රූම් එකට දැම්මා.. "

මේ මොන වින්නැහියක්ද වෙලා තියෙන්නේ... දැන් එතකොට මට ඉන්න වෙන්නෙ අය යස්ස පැටියා එක්කද ?? ඒකත් එක කාමරේක.. මගෙ පව්ද්ගලිකත්වෙට මොකක්ද වෙන්නෙ දෙවියනේ.. මීට වඩා හොදය් යකෙක් ගහලා හරි මාව මැරුනනම්... මම ඉක්මනට ඉක්මනට පඩි නැගගෙන නැගගෙන ජන්කුක්ගෙ කාමරේට ගියා.. මේ මනුස්සයා දොර ලොක් කරලවත් නෑ..

" ජන්___

මම එයාට කතාකරන්න ගියත් මට ඇහුනා බැල්කනි එකට වෙලා කාත් එක්කද කෝල් එකක ඉන්නෙ කියලා.. කතාකරන විදියෙන්නම් අර නැට්ටිච්චි වගේ... ලැජ්ජා නැද්ද අම්මපා ගෑනු දෙන්නෙක්ව තියාගෙන මෙහෙම නටන්න.. මම දඩ බඩ ගාලා මගෙ තිබ්බ ඇදුම් දෙක තුනක් අරගෙන එතනින් මාරු වෙන්න ගියත් ඒ ගමන් මගෙ ඉස්සරහින් මතු උනේ ටිකකට කලින් බැල්කනි එකේ හිටිය මනුස්සයා... සැරෙන් සැරේ බැල්කනි එක දිහාත් බලන ගමන් මම මෙයා දිහත් බැලුවා.. තාමත් එයා ෆෝන් එක කනේ තියාගෙන.. එතකොට අතනත් එයා ඉන්නවා..

LUCIFERWhere stories live. Discover now