Chapter 3

188 53 11
                                    


" තව සතියය් අපිට ඉතුරු.. "

" මේකා කෙල්ලව හොයාගෙන බොස්.. කොහොම හරි මේ සතියේ මොනාහරි කරලා එයාව පරිස්සම් කරන්න ඕනෙ"

      ජීමින් කාත් එක්කද කෝල් එකෙන් කියන කතා මම හිමීට කන් දීගෙන අහන් හිටියෙ කූඩාරම හදන්න ගෙනාව ලීයක් අතේ තියාගෙන ඉන්න ගමන්.. අර මාක් එකේ සිද්දියෙන් පස්සෙ ජීමින් ටිකක් අමුතු විදියට හැසිරෙන්න ගත්තේ.. කලබලෙන් වගේ කියලා මට තේරුනා..

" ලයිලා.. ඉන්න මම ඕක හදන්නම්.."

" කව්ද ඒ කෝල් කලේ.. ? "

            නෑ.. ජීමින් උත්තරයක් දුන්නෙ නෑ.. එයා කලේ කූඩාරම ගහන එකට අවදානෙ දුන්න එක විතරය්.. මටත් ඕන්නැති දෙයක් නෑනෙ කියලා හිතලා මම එයාට උදව් කරන්න ගත්තා... කොහොම හරි පැය බාගයකින් වගේ අපිට කූඩාරම ගහගන්න පුලුවන් උනා...

" මේකෙ මම තනියමද ඉන්න ඕනෙ? "

" මම මේ ලගමය් ඉන්නෙ.. එහා පැත්තෙ කූඩාරමේ මම "

         ජීමින් මගෙ කූඩාරම ගාවින්ම තියෙන කූඩාරමක් පෙන්නලා කියනකොට මම ඔලුව දෙපැත්තට හෙලෙව්වෙ හා කියලා කියන්න... මම හිමීට මගෙ බෑග් ටික පැත්තකින් තියලා ඒක ඇතුල අස් කරලා හදාගන්න පටන් ගත්තා...

" ලයිලා ඔයාට මොනාහරි අමුත්තක් දැනෙනවනම් කියන්න මට.. "

        මම මුකුත් කීවෙ නෑ මගෙ වැඩේ කරගෙන ගිය එක විතරය් මම කලේ.. මට හරි අමුතුය් තමා.. මගෙ ඇගට කියාගන්න බැරි අමුතු අමාරුවක් දැනුනා.. ඒක කියාගන්න තේරෙන්නෙ නෑ..

" ලයිලා, එන්න අපි පොකුනට යමු"

" පොකුනක් ?"

" මෙතන එහා පැත්තෙ පොකුනක් තියෙනවා.. "

        ජෙනී මට කොහෙද අතින් පෙන්නලා කියනකොට මම ඉක්මනින් මට නාන්න ඕනෙ කරන ඇදුම් ටික ගත්තේ ජීමින්ව ගනන් ගන්නෙ නැතුව.. මම දන්නෙ නෑ.. ඒත් මට ජිමින් එක්ක තරහා ගියා.. හේතුවක් දන්නෙ නෑ..

" ජෙනී මෙයාව පරිස්සමෙන් බලාගන්න.."

        ජීමින් ජෙනීගෙ පිටට තට්ටුවක් දාලා ගියේ මම රෙදිත් අරගෙන ජෙනීගෙ පස්සෙන් යනකොට.. අපිත් එක්ක තව ගෑනු ලමය් හතර දෙනෙක් ආවා..

LUCIFERWhere stories live. Discover now