Chapter 2

225 55 12
                                    


" ඔම්මා....!!!"

        ඔලුවෙන් දැනෙන ලොකු හිසේ කැක්කුම එක්ක මම නැගිට්ටේ කොහෙද ඉන්නෙ කියලා වටපිට බලලාවත් මට හිතාගන්න බැරි වෙනකොට..

" කැලෑවක් අස්සෙ මම මොනාද කරන්නෙ ?"

       කොන්ඩෙ අතින් පොඩ්ඩක් අව්ල් කරගන්න ගමන් මම හිමීට නැගිට්ටා.. මම ඉන්නෙ මගෙ කාර් එක ඇතුලෙමය්.. මට මතකය් ඊයෙ කාර් එක මෙතන කැඩුනා කියලා... අතගාලා අතගාලා කොහොමින් කොහොම හරි ෆෝන් එක හොයාගත්තා.. ඇස් දෙක පොඩිකරන ගමන් කෝල් එකක් ගත්තෙ ජීමින්ට..

" කොහෙද මනුස්සයෝ ඉන්නෙ? දැන් වෙලාව බලනවා... "

" අනේ ජිමින් අහන්නකෝ......"

      මම ජිමින්ට උන හැමදේම කෙටියෙන් කියාගෙන ගියේ ඇගිලිවලින් නලල දෙපැත්ත මිරිකගන්න ගමන්..

" ශිට්..!! ඔහොම ඉන්නවා.. මම ඉක්මනින් එන්නම්.. "

      කාර් එක මෙතන නතර වෙන තැනට වෙනකන් හැමදේම මතක තිබුනට මට එතනින් එහාට වුන කිසි දෙයක් මතක තිබ්බෙ නෑ... සමහර විට මට එහෙම්මම නින්ද යන්න ඇති... මම ඉක්මනින් ඇදුම හදාගෙන කාර් එකෙන් බහින්න යනකොට දැක්කෙ සීට් එක උඩ තියෙන මුද්දක්..

" මේක කාගෙද ?"

        මම ඒක හොදට විපරම් කරලා බැලුවා... සිල්වර් පාට මුද්දෙ මැද අමුතු සලකුනක් තිබ්බා..

" තරුවක් ??"

      කාගෙ උනත් කමක් නෑ මගෙ කාර් එකේ තිබුන නිසා ඒක දැන් අයිති මට.. අයිතිකාරයා ආවොත් ගලවලා දෙනවා කියලා හිතාගෙන මම ඒක මගෙ ඇගිල්ලකට දාගත්තේ ඒකෙ හැඩ බල බල... අව්ලක්ම නෑ.. ඒකෙත් අමුතු ගතියක් තියෙනවා.. විනාඩි පහක් යන්න නෑ එකපාරටම කාර් එක ගාවින් නතර කලේ සුදුපාට කාර් එකක්..

" ජිමින්.. ඔහ් මයි ගෝඩ් මගෙ ගැලවුම්කාරයා.. "

       දැනුන සතුටටත් එක්ක මම කාර් එකෙන් දඩිබිඩි ගාලා බැහැලා ගිහින් ජීමින්ගෙ ඇගට පැන්නෙ එයාව එකපාරටම දඩස් ගාලා කාර් එකේ වදිනකොට...

" මම කොච්චර බයෙන්ද ඩාලින් හිටියෙ කියලා දන්නවද ඔයා.. "

" මම තමුසෙට කීවා මහ රෑ යන්නෙ නැතුව ඉන්න කියලා.. කොහෙද අපි කියන එව්වා අහන්නෙ නෑනෙ.. "

LUCIFERWhere stories live. Discover now