Chapter 11

203 48 9
                                    


" ලයිලා මොකක්ද වෙලා තියෙන්නෙ ? ඔයා හරියට කන්නෙත් නෑ.. "

ගාර්ඩ්න් එකට වෙලා පොතක් කියව කියව හිටිය මට අදත් කෑගැහුවේ ටේහ්‍යුන්.. මම ඉතාලි ඇවිත් දැනට දවස් පහය්.. ඒ වගේම එදා සිද්දිය වෙලත් දවස් පහක් ගියා.. ජන්කුක්ව මේ දවස් පහට මම තාම හරියට දැක්කෙ නෑ.. එයා දවල්ට මෙහෙ එන්නෙ නෑ.. රෑටත් ගොඩක් දවස්වලට පැලස් එකට යනවා කියලා යනවා..

" ටේහ්‍යුන් , මොකක්ද පැලස් එක කියන්නෙ ?"

මම පොත කියවන එක පැත්තකින් දාලා මගෙ ගාවම බෙන්ච් එකෙන් ඉදන් හිටිය ටේහ්‍යුන්ගෙන් ඇහුවා.. එයා කෝපි කෝප්පෙන් කට අරගෙන මගෙ දිහා බැලුවෙ ටිකක් බැරෑරුම් මූනකුත් එක්ක..

" ජේකේගෙ හැමදේම වෙන්නෙ එතන.. "

ටේහ්‍යුන් එතනින් එහාට මුකුත් කීවෙ නැතත් එයා නොකියපු දේවල් මට තේරුනා.. ඒත් එක්කම වගේ මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා.. ලිලීගෙන් ? මම ටේහ්‍යුන් දිහා හොරෙන් බලනකොට එයා මාව ගනන් ගන්නෙ නැතුව කෝපි එක බොන්න පටන් ගත්තා..

" ලයිලා, අද හවස තුනට පූල් පාටි එකක් තියෙනවා.. ඔයා එනවා නේද ? මම ඔයාටත් එක්ක ටිකට් එකක් ගත්තා.. "

     ලිලීගෙ මැසේජ් එක කියෙව්ව මම එහෙම්මම ටේහ්‍යුන් දිහා බැලුවා.. මම මේක එයාගෙන් අහනවද නැද්ද ? අනිත් එක තමා මට පූල් පාටි එකකට අදින්න ඇදුමක් තිබ්බෙ නෑ.. ඒක ගැන හිත හිත ඉන්නකොට ආයෙත් මැසේජ් එක ආවෙ ලිලීගෙන්..

" ඇදුම ගැන කලබල වෙන්න එපා.. ඔයාගෙ සයිස් එක මට මතකය් මම ඔයාට එකක් අරගෙන එන්නම්... "

        ලිලී මගෙ හිත කියවලා වගේ... මම එහෙම්මම ටේහ්‍යුන් ගාවට ගිහින් ඉදගත්තෙ කොහොමහරි මේකට යන්න අවසර ගන්නවා කියලා හිතාගෙන..

" ටේහ්‍යුන් හවස මගෙ යාලුවෙක්ව මීට් වෙන්න යන්න තියෙනවා.. "

      මම මගෙ අතේ ඇගිලි එකට පටලන ගමන් කීවත් ටේහ්‍යුන් කලේ එයා දාගෙන හිටිය කන්නාඩිය පාත් කරලා අමුතු විදියට මම දිහා බලපු එක..

" ඔයාට මෙච්චර ඉක්මනින් යාලුවෙකුත් හම්බුනාද ?"

" මම ඔයාලගෙ මෝඩ බොස් වගේ නපුරු නෑ... කොහොමත් හැමෝම මට කැමතිය්..  "

LUCIFERWhere stories live. Discover now