Chapter 4

175 51 8
                                    


" ජිමින් ඇය් ඔයා මාව ඔය තරම් පරිස්සම් කරන්නෙ ?"

" තමුසෙ මගෙ නිසා..."

          මම එකපාරටම ජීමින්ගෙ අත ගසලා දැම්මෙ එයා ඒ කීව දේට ශොක් වෙන ගමන්.. ඇය් එයා මාව එච්චරටම පරිස්සම් කරන්නෙ කියලා මට හිතාගන්න බෑ..

" ඔයා මගෙ හොදම යාලුවා ලයිලා.. "

" නෑ..!! නෑ....!! තමුසෙ මට කැමතිය්.. ඒකය් ඇත්ත... "

" ලයිලා ඔයා හිතින් මවාගෙන.. ඔයා මගෙ යාලුවා එච්චරය්..!!"

" ඇය් ඉතිම් ඕකට ඔච්චර කෑගහන්නේ.. "

         මම පොඩි කටකොනින් හිනාවක් දාගෙන ජීමින්වත් පහු කරගෙන කූඩාරම් පැත්තට එන්න ආවා.. ඇත්තටම මම ඒක ඇහුවෙ නිකන් ඉතිම් ඒකට ඔච්චරටම කලබල වෙන්න දෙයක් නෙමේනෙ... කූඩාරමට ආව ගමන් මම මගෙ ඇදුම් ටික මාරු කරගත්තේ අද උදේ ඉදන් ජිමින් එක්ක කැලේ ඇවිදලා මාව කසන්න ගත්ත නිසා.. පොඩි ඩෙනිම් ශෝටක් ඇදගත්ත මම කොට ටීශර්ට් එකක් ඇදගත්තා.. ඇත්තටම කීවොත් මගෙ අනිත් ඇදුම් ඔක්කොම හෝදලා වේලෙන්න දාල තිබ්බේ..

" මොකක්ද ඔය ඇදගෙන ඉන්නෙ ?"

          එලියට බැස්ස ගමන් ජීමින් දවා අලු කරන බැල්මක් දාල ඇහුවත් මම මුකුත් කීවෙ නෑ.. ඇත්තටම කීවොත් ඒ ශෝට් එක යන්තමට මගෙ පස්ස වැහෙන්න විතරයි තිබ්බේ..

" ලයිලා කොහෙද ඔය යන්නෙ ?"

" අනේ මම පොඩ්ඩක් මේ හරියෙ ඉන්නම්කෝ.. අනේ මම ඔයාගෙ ලමයා නෙමේනෙ ජීමින්.. ඇය් මාව ඔය තරම් පරිස්සම් කරන්නෙ.. මාව මොකෙක්වත් ගිලින්නෙ නෑ.. "

         මම ජීමින්ටත් රවාගෙන කූඩාරම් පැත්තෙන් පොඩ්ඩක් කැලේ පැත්තට එන්න ආවා.. රූස්ස ගස් ඇරෙන්න එහෙම ලොකුවට කැලයක් තිබුනෙ නෑ.. හැබැයි ටික දුරක් යනකොට පොඩි පොඩි ගස්වලට මගෙ කකුල හීරෙන්න ගත්තේ මම මේ ඇදුම ඇදන් ආව එකට මටම දොස් පවරගන්නකොට..

" කොහෙද අප්පා ඒක තිබ්බේ.. "

        මම ගස්වල උඩ බලන ගමන් කල්පනා කලේ ටිකකට කලින් ජිමින් එක්ක එනකොට ගහක් උඩ තියෙනව දැක්ක ලීවලින් හදලා තිබුන පොඩි අට්ටාලෙ හොය හොයා..

" ආ අර තියෙන්නෙ.. "

          මම ඉක්මනට ඉක්මනට ඒ රූස්ස ගහ පාමුලට ගියා... දෙයියනේ මේක හෙන උසය්නේ... කොහොමද නගින්නේ.. මම කල්පනා කර කර ඉන්නකොට දැක්කේ උඩ ඉදන් එල්ලෙන වැල් ඉනිමගක්.. හැබැයි ඒක තිබ්බෙ ගහේ කද හාරලා අදලා තිබ්බ බෙනයක් අස්සේ... මම හිමීට බෙනේ අස්සට රිංගුවත් එක්කමය් මගෙ ඇස් දෙක උඩ ගියා..

LUCIFERWhere stories live. Discover now