Chapter 5

183 49 14
                                    


          ඊයේ ඒ සිද්දිය වුනාගෙන් පස්සෙ අද අපි එතනින් ආපහු සෝල් එන්න පිටත් උනා.. ජීමින්ට මම මගෙ තුවාලෙ ගැන මුකුත් කීවෙ නෑ.. කොහොමත් ඒකෙ බෙහෙත් දාන්න දේකුත් තිබුනේ නෑනෙ...

" මොනාද ඔච්චර කල්පනා කරන්නෙ ?"

" මුකුත් නෑ... "

           ජීමින් මගෙන් කිහිප සැරයක්ම ඔය ප්‍රශ්නෙ ඇහුවත් මම ඒකට දුන්නෙ එකම උත්තරේ ඕක තමා... මුලු ගමන පුරාවටම මගෙ හිත තිබුනේ වෙන තැනක.. ජන්කුක්.. එයා කව්ද ? මම දන්නෑ කව්ද කියන දේනම්.. ඒත් මේ අවෘදු 25 ටම මගෙ හිතේ නොමැකෙන පිරිමි රූපයක් අදින්න පුලුවන් උනේ එයාට විතරයි..

          ඒත් මට තිබ්බ එකම දුක හිතෙන කාරනාව තමා ඒ හිතේ ඇතිවුන සිතුවිල්ල උපන්ගෙයිම මරලා දාන්න සිද්ද වුන එක... මට එයාගෙන් අහගන්නවත් බැරි වුනා එයා කොහෙද කියලා.. අඩුම තරමෙ නම්බර් එකක්වත්...

" ලයිලා ගෙදර ගාවට ආවා බහින්න.. "

" අහ්හ් "

      ජිමින් මගෙ උරහිස්වලින් හොල්ලලා කෑගහනකොට මම හරි සිහියට ආවා.. දෙවියනේ අපාර්ට්මන්ට් එකටත් ඇවිත්.. මම ඉක්මනට මගෙ බඩු ටික අරගෙන බස් එකෙන් බැස්සා... දවස් දෙකකට පස්සෙ ගෙදර ආවෙ...

        බඩු ටික ඔක්කොම ගේ ඇතුලට දාලා අස් කරගන්නම මට පැයකට කිට්ටු වෙන්න කාලයක් යන්න ඇති... මහන්සියටත් එක්ක තේ එකක් හදාගෙන ටීවි එක ඉස්සරහින් ඉදගත්තෙ ටීවි බලනවා කියලා හිතාගෙන වුනත් මගෙ හිතේ තාම දගකරන්නෙ එයා..

" ජියොන් ජන්කුක්.. තමුසෙ කව්ද ?? යාආආආආහ් මට පිස්සු හදවන්නෙ නැතුව ඉන්නවා ඕය්.. "

      මම වේගෙන් වේගෙන් කොන්ඩෙ ඇදගන්න ගමන් කෑගැහුවේ ඒ හැගීම මට නතරකරගන්න බැරි උන තැන.. මට බෑ එයා ගැන හිතන එක නතර කරන්න... ඒත් එයාට කෙල්ලෙක් ඇතිනේ..

" අපරාදෙ අර පෙට්ටි කටාගෙන් නම්බර් එකවත් ඉල්ලගන්න තිබ්බා.. "

       මම එහෙම්මම තේ එක බොන්න ගත්තා.. ඇය් මම ඒ ආඩම්බර කොල්ලට මෙච්චර වහ වැටුනේ ? මට හිතාගන්න බැරුව මම දහ අතේ කල්පනා කලා...

" රැලැක්ස් වෙන්න ලයිලා.. "

         මට හිතුනා මේක ජීමින්ට කියන්න.. ඒත් මම හිතන්නෑ ජිමින්ගෙන් මට මේකට උදව් ලැබෙය් කියලා.. එයා කොහොමත් ඉස්සර ඉදන් මාව කිසිම පිරිමියෙක්ගෙ හෙවනැල්ලක්වත් වැටෙන්න නොදී පරිස්සම් කලේ.. එකපාරටම මගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවෙ ජිමින්ගෙන්..

LUCIFERWhere stories live. Discover now