Chapter 12

284 47 12
                                    


" ඩාලින්, ඇය් මම ගැන එච්චර වද උනේ ? ඔයා මට කෝල් එකක් ගත්තනම් මම එනවනෙ ඉතින්.. "

          සොෆියා , ජන්කුක්ගෙ ඇගේ ගෑවි ගෑවි දැවටෙන ගමන් හැටහතර මායම් ඔක්කොම දාලා කියනකොට ජන්කුක් එකපාරටම මගෙ දිහා බැලුවෙ ටිකක් පුදුම වෙලා වගේ.. ඔව් ඉතිම් මාව අර මන්දිරයක් අස්සෙ හිරකරලා දාලා එයා රව්ම් ගහනවනෙ..

" ඔයාට මම කෝල් ගත්තට ඔයා ආන්සර් කලේ නෑනෙ බබා.. ඉතින් මම ආවා.. කෝ කෝ චේන්ජ් කරගෙන එන්න ඉක්මනට යන්න ඕනෙ "

      සොෆියා ගාවට පාත් වෙලා සොෆියාට ගොඩක් ආදරනීය විදියට කීව ජන්කුක් සොෆියා දුවලා ගිය ගමන් එතන තිබුන බෙන්ච් එකක ඉදගත්තේ ෆෝන් එකත් ඔබ ඔබ.. මේකාට ලැජ්ජා නැද්ද කෙල්ලො නාන දිහා බලන් ඉන්න.. මම ඇතිවුන තරහටත් එක්ක පූල් එකෙන් එලියට ගිහින් ජන්කුක් ගාවට ගියා..

" මේ හලෝ.. "

" මටද කතාකලේ.. ?"

     එයා එයාගෙ පැත්තට ඇගිල්ලක් දිග් කරගෙන ඇහුවෙ මම දෙතුන් පාරක් ඔලුව වනනකොට..

" ඔයාට ලැජ්ජාවක් නැද්ද? මේක ලේඩීස් ඔන්ලි පාටි එකක්.. ඒක අස්සට ඇවිත් කෙල්ලො නාන දිහා බලන් ඉන්න තරම් තමුසෙ පහත් මනුස්සයෙක් කියලා මම හිතුවෙ නෑ.. "

     ඇත්තටම මම අත් දෙකත් ඉස්සරහින් බැදගෙන ඒක කීවෙ මට ඇතිවුන තරහට.. ඇය් එයා සොෆියාව හොයාගෙන මෙතෙන්ට ආවෙ.. මේ පාටි එක මැද්දට.. ඉරිසියය් තමයි දෙවියනේ.. මම පලවෙනි පාරට මනුස්සයෙක්ට ආදරේ කරන්න ගත්තමය්.. ඒ මනුස්සයා මාව අදෝ වාතයක් තරම්වත් ගනන් ගන්නෙ නැති උනාම ඒ දැනෙන හැගීම මම කොහොම විස්තර කරන්නද ...

" මම ආවෙ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව හොයාගෙන.. අනිත් දේ තමා තමන්ගෙ සීමාවෙ ඉන්න.. "

" ඩාලින් අපි ය___

     ඒත් එක්කම එතෙන්ට ආව සොෆියා මාව දැකලා කියන්න ගිය දේ නතර කරගත්තා.. ඇය් දන්නෑ නතර කරගත්තෙ කියන්න එපැය්.. මම සොෆියා දිහා සමච්චල් හිනාවක් දාලා ඊලගට හැරුනේ ජන්කුක් ගාවට...

" ඔයා මෙයාට කීයක් දුන්නද ජන්කුක් ඔයා එක්ක නිදාගන්නවට..? ඕහෝ සොරි.. ඔයා මෙයාට ඔයාගෙ කාඩ් එක දෙන්න ඇති.. "

LUCIFERWhere stories live. Discover now