Chapter 10

206 49 8
                                    


ඔලුවෙන් දැනෙන ලොකු හිසේ කැක්කුම එක්ක මම නැගිට්ටේ තද ඉර එලියට ඇස් දෙක පොඩිකරගන්න ගමන්.. මම හිටියෙ ටිකක් අමුතු කාමරේක.. සම්පූනයෙන් කලුපාට තීන්ත ගාල තිබුන කාමරේ පැත්තක කලුපාට සෝෆා එකක් තිබුනා.. ටීවි එකක්, ඇදක්, ඒ වගේම ලොකු ක්ලොසට් එකක්..

" පුංචි නෝනා නැගිට්ටද ?"

" මම මේ කොහෙද ඉන්නෙ ටේහ්‍යුන් ?"

" ඉතාලිවල.. "

ටේහ්‍යුන් සෝෆා එකෙන් ඉදගත්තෙ කකුලක් පිට කකුලක් දාගන්න ගමන්.. දෙවියනේ මම ඉතාලි ඇවිත් මේ ඉක්මනින්?

" කොය් වෙලාවෙද ආවෙ ?"

" පුංචි නෝනා හොදට නිදාගෙන ඉන්නකොට.. "

ටේහ්‍යුන් නිකන් ඇගට පතට නොදැනෙන්න කීවත් මම පුදුම උනේ මට ඇය් මෙච්චර දෙයක් වෙනකනුත් ඇහැරුනේ නැත්තෙ කියන එක...

" ඒවගෙන් වැඩක් නෑ.. ජන්කුක් ගියා පොඩි මීටින් එකකට.. ඔයාට එන්න වෙනවා මාත් එක්ක ශොපින් කරන්න යන්න.. කොහොමත් ඔයාට අදින්න තියෙන්නෙ හරියට පස්සවත් වැහෙන්න නැති ශෝටකුය් පොඩි ස්කිනර් එකකුය් විතරය්.. ඇත්තටම මට සමාවෙන්න ඕනෙ ලයිලා, ඔයාගෙ ගෙදරින් ඔය ඇදුම් දෙකට වඩා ගේන්න මට බැරි උනාට "

අවසාන ටික ටේහ්‍යුන් ඔලුව කසන ගමන් කීවේ මගෙ මූන දිහා කෙලින් බලන්නෙ නැතුව.. එතකොට ටේහ්‍යුන් මගෙ ගෙදර ගිහින්ද ?

" ඔයා ඔහොම කුනුකෙල පිටින් ඉන්නෙ නැතුව මූන හෝදන් එන්න.. "

ටේහ්‍යුන් මාව බතෲම් එකට තල්ලු කරලා දොර වැහුවේ මාව බාතෲම් එක ඇතුලෙ තනි වෙනකොට.. කන්නාඩියෙන් මම මාව දැක්කා.. මගෙ මූනෙන් පෙනුනේ ටිකක් මහන්සි පාටක්.. ඇස් යට පොඩ්ඩක් කලු වෙලා තිබුනා.. අව්ලක් නෑ අද ඉදන් ඔක්කොම හරියය්.. මම මටම කියාගෙන එතන තිබුන බඩුවලින් පොඩ්ඩක් ඇග පත හෝදගෙන කාමරේට එනකොට ටේහ්‍යුන් හිටියෙ නෑ..

" මිස්, ටේහ්‍යුන් බොස් කීවා මේක ඇදගෙන පහලට එන්න කියලා.. "

ඒ සර්වන් ගර්ල් මගෙ අත උඩින් තිබ්බෙ පොඩි පාර්සල් එකක්.. ඒක මට දීලා එයා එලියට ගියා.. ඇදුමක්.. හිතේ කොනකින් මම ඒක දැකලා සතුටු වෙනකොට ඒ ඇදුම අරගෙන කන්නාඩිය ගාවට ගියා..

LUCIFERWhere stories live. Discover now