Chapter 6

183 51 24
                                    


      එයා ඇය් මේ ක්ලබ් එකක් ඇතුලෙ ඉන්නේ... මම හිමීට තවත් එබිලා බැලුවා.. ජන්කුක්ගෙ ටේබල් එකේ අනිත්  පැත්තෙන් ඉදගෙන හිටියේ තව හැන්ඩ්සම් කොල්ලො දෙන්නෙක්.. මගෙ අත් මටත් නොදැනී මිටමෙලවෙන්න ගත්තේ ජන්කුක්ගෙ ඇග උඩ නටන බාගෙට රෙදි ගලවගත්ත වැදිරියො දෙන්නෙක්ව දැකලා.. උන් දෙන්නගෙ ඇග වැහෙන්න කියලා තිබුනේ චූටි bikini එකක් විතරය්..  දෙන්න හිතය් දෙකක්.. ඒත් එක්කම එතෙන්ට ආවෙ සර්වන් බෝය් කෙනෙක්..

" ස්ස් මල්ලි පොඩ්ඩක් ඉන්නකෝ.. "

        මගෙ බෑග් එකේ තිබ්බ නෝට් බුක් එකේ කොලයක් කඩාගෙන ඉක්මනට ඉක්මනට මගෙ හිතට ආව දේ ලියලා අර සර්වන් බෝය්ට දීලා කීවා එතන ජන්කුක්ගෙ කකුල් දෙක උඩ උඩ පනින කෙල්ලට දෙන්න කියලා.. පෙනේද තියෙන නැටිල්ල මේකිගෙ...

        මම හිමීට ඒ කොලේ කෙල්ල ගන්න දිහා බලාගෙන හිටියේ හිනාව හිමීට පාලනේ කරගන්න ගමන්... ඒක කියෝපු කෙල්ලගෙ ඇස් දෙක උඩගිහින් එකපාරටම ජන්කුක්ගෙ ඇගෙන් නැගිටලා හිටගන්නකොට ටේහ්‍යුන් කොලේ ඇදලා ගත්තා... දෙයියනේ දැන් මොනා වෙය්ද ?

" අහ්ම් අහ්ම් ඇදුම් කියන්නේ අපේ ජීවිතේට නැතුවම බැරි දෙයක්... සීතලට වගේම අපේ ඇග වහගන්නත් ඒවා අපි බාවිතා කරනවා.. ඉතිම් ලස්සන ලමයෝ ,
ඔයා ජංගි දාලද ??"

      ඒක හැමෝටම ඇහෙන්න කියෝලා ටේහ්‍යුන් හයියෙන් හිනාවෙන්න ගන්නකොට එතන හිටිය හැමෝම හිනාවුනත් ජන්කුක්ගෙ අත් දෙක මිටමෙලවුනා... මෙතන ඉන්න එක හරි නෑ කියලා මට හිතුනේ... මම ඉක්මනින් එතනින් පැනලා දුවන්න යනකොට එකපාරටම මාව කවෘ හරි බෙල්ලෙන් අල්ලගෙන ඒ රූම් එක ඇතුලට තල්ලු කලා...

" බොස්, මේකි තමා..."

         මාව දැක්ක ගමන් ජන්කුක්ගෙ ඇස් ගැස්සුනා මම දැක්කා.. ඒත් ඒ ගමන් ආයෙ එයා අර කොලේ අල්ලගෙන ගුලි කරල මගෙ මූනට විසිකලේ මම මුකුත් නොකියා එයා දිහා බලන් ඉන්නකොට... තියෙන නපුරුකම විතරක්..

" තමුසෙට කොහෙන්ද එච්චර හයියක්...!! උබට මම ආයෙ කියන්නෑ.. "

           ජන්කුක් එකපාරටම මගෙ බෙල්ලෙන් අල්ලගෙන මගෙ මූනට එබිලා දත්මිටි කාගෙන කියනකොට මම මගෙ අත් දෙකෙන්ම එයාගෙ අත අයින් කරන්න උත්සාහ කලත් ඒක ගොඩක් අමාරුය්..

LUCIFERWhere stories live. Discover now