Chapter 15

186 49 9
                                    


එකපාරටම මට දැනුනේ මාව නිකන් කවෘ හරි උස්සන් යනවා වගේ... හිමින් හිමින් ඇස් ඇරලා බැලුවාම ජන්කුක් මාව හරහට වඩාගෙන යනවා.. දෙවියනේ එයා කොච්චර හොද බූතයෙක්ද..

" ඔය හිතන දේවල් එකක්වත් ඇත්ත නෙමේ.. තමුසෙ නිදිමරගාතෙ ඇවිදින්න ගිහින් මොකේක හරි හැප්පිලා මොනාහරි කරගත්තොත් ඒවට බෙහෙත් කරන්නත් වෙන්නෙ මගෙ සල්ලි වලින්.. "

" මොකක් ??"

ජන්කුක් ඉස්සරහා බලාගෙන ඇවිදින ගමන් කීව දේට මම එකපාරටම කෑගහලා උත්තර දුන්නා.. මෙච්චර ලොකු මන්දිරේකුය් අතට පයට සේවකයොය් තියාගෙන මෙයා මේ ගෙවන ජීවිතේ දැක්කම මම හිතුවෙ නෑ මේකා මෙච්චර කුනු ලෝබයෙක් කියලා..

" මට තනියම යන්න පුලුවන්.. අනික මට නිදිමත නෑ.. "

" එහෙනම් මෙච්චර දුර වඩාගෙන එනකන් බොරුවටද හිටියෙ..?? "

ජන්කුක් නිකන් ඒක ඇහුවේ අමුතුවට.. හිතන්න ඇති එයා උස්සන් එනවට මම හෙන කැමතිය් කියලා.. අනේ මගෙ බල්ලටවත් එපා.. මම එහෙම්මම එයාටත් ගස්සගෙන ඇතුලට ගියා.. යනකොට ටේහ්‍යුන් ජින් ඔප්පා එක්ක කයියක් දාගෙන තේ බොනවා..

" ආ.. මල් කුමාරී.. රව්ම් ගහලා ආවද ?? කොහෙන්ද දන්නෑ අපේ එකා හොයාගත්තෙ.. "

ටේහ්‍යුන් මගෙ දිහා හිනාවෙවී බලන ගමන් කියවගෙන යනකොට මම එයා දිහා බැලුවේ මේකාව තම්බලා කනවද බැදලා කනවද වගේ බැල්මකින්..

" අර මනුස්සයාට හොදටම අමාරුය්.. දවස් ගානක් හොස්පිටල් එකේ.. "

ඒත් එක්කම ඒක කීවෙ ජින් ඔප්පා.. මම ආපහු හැරිලා එයා දිහා බැලුවෙ මොන මනුස්සයා ගැනද මේ කියන්නෙ කියලා...

" එදා ගම රට දාලා යනකොට ගහලා ගියේ මනුස්සයෙක්ට.. අන්න ඒ මනුස්සයාට අමාරුය්.. බඩට ගහලා දිව්වට ඒ මනුස්සයාගෙ ආමාශෙ ඉදන් මහාන්ත්‍රය ක්ශුද්‍රාන්තය දක්වා ඔක්කොම තැලිලා.. දැන් ඉතිම් ලයිලගෙ ටික තමා බද්ද කරන්න වෙන්නේ.. "

ජින් ඔප්පා ටිකක් සීරියස් විදියට කියනකොට මම මගෙ අත් දෙකෙන්ම මගෙ බඩ අල්ලගත්තා... එතකොට මගෙ බඩවැල් ටික දන් දෙන්නද මාව උස්සන් ආවෙ??

LUCIFERWhere stories live. Discover now