Chapter 8

185 47 30
                                    


" මිස්, කලබල නොකර කියන දේ අහන්න.. "

" මට තවත් මොනාද අහන්න තියෙන්නෙ.. ?? මිනිස්සුන්ගෙ ජීවිත සල්ලිවලට ගන්න තරම් ඒ මනුස්සයා කව්ද ?? "

        මම කාමරේ තිබ්බ බඩු එකින් එක විසිකරන ගමන් කෑගැහුවේ මගෙ හිතේ තිබ්බ තරහා දුක කියන දෙකම පිටකරලා දාන්න... මාව අල්ලගෙන හිටිය සර්වන්ලා දෙන්නවත් මම අයින් කරලා දාලා අහු වෙන හැම බඩුවක්ම පොලොවෙ ගැහුවා..

" ජියොන් ජන්කුක්ක්ක්ක් මම තමුසෙව මරනවාආආආ !!!!"

         මම මුලු මන්දිරේම දෙදරන්න හයියෙන් හූ කියලා කෑගැහුවා... ටිකකට කලින් මම ඒ මනුස්සයාට කැමැත්තෙන් හිටියත් මම මේ ලෝකෙ දැක්ක ජරාම මනුස්සයා එයා... මට ඒ වගේ කෙනෙක් ඕනෙ නෑ...

" මිස්, පොඩ්ඩක් සන්සුන් වෙන්නකෝ.. "

" මේක හරියන්නෑ යුමී, බොස්ට කියන්න වෙය්.. "

         අර ගෑනු ලමය් මොනවද කියනව ඇහුනත් මම පිස්සු ගෑනියෙක් වගේ හයියෙන් කෑගැහුවා... මට බෑ මෙහෙ දාලා යන්න.. මට බෑ ජිමින්ව දාල යන්න.. මාව බේරගන්න එන්න කියලා ජිමින්ට කියන්න ඕනෙ උනත් මට එයාට ඒක කියන්න විදියක් තිබුනේ නෑ.. මගෙ ෆෝන් එකත් අර මනුස්සයා ගත්තා...

" මම මරනවා ඕකාව.. !! "

" කවෘ කාවද මරන්නේ..??"

         දොර ගාවින් ඇහුන කටහඩ නිසා මම එකතැන ගල්ගැහුනා.. ඒ කටහඩ වෙනදා වගේම ගොරෝසුය්.. මගෙ ඉදිරියෙ තිබුන කන්නාඩියෙන් මට පෙනුනා අර කෙල්ලො දෙන්නා එයාට ඔලුව නවලා කාමරෙන් එලියට ගියා.. මම වේගෙන් හුස්ම ගන්න ගමන් කන්නාඩියෙන් පේන එයාගෙ රූපෙ දිහා බලාගෙන හිටියා..

" තමුසෙ හිතන් ඉන්නෙ කවෘ කියලද ?? මිනිස්සුන්ගෙ ජීවත සල්ලිවලට ගන්න තරම් තමුසෙ කව්ද ?? "

     මම පිටිපස්ස හැරිලා ආව ආවේගෙට එයාගෙ පපුවට මිටමොලවලා ගහගෙන ගහගෙන ගියේ එයත් එක්ක මමත් පිටිපස්සෙන් පිටිපස්සට යනකොට... රිදෙන්නැද්ද මේ මනුස්සයාට... කිසිම ගානක් නැතුව මගෙ දිහා ඔරවලා බලන් ඉන්න හැටි විතරක්... අවසානෙ එයා ගිහින් බිත්තියට හේත්තු උනාම මම එයාට වේගෙන් ගැහුවා.. ඒත් මම ඒක නැවැත්තුවේ මම ගැහුවා කියලා එයාට රිදෙන්නෙ නැතිවග දැනුන නිසා...

LUCIFERWhere stories live. Discover now