Chapter 7

221 50 11
                                    


" එක එක බල්ලො එක්ක වේසකමේ යන්නද මම තමුසෙව එක්කගෙන ගියේ.. ?? "

" ජිමින් අහන්නකෝ ටිකක්.. "

" තමුසෙ ආයෙ ඔය කටින් මට ජිමින් කියලා කියන්න එපා.. මම හිතුවෙ නෑ තමුසෙ ඔය වගේ ජරා කෙල්ලෙක් කියලා.. "

නෑ.. මට එතනින් එහාට මුකුත් කියන්න ලැබුනේ නෑ.. ජිමින් මගෙ කන හරහා රත්වෙන්න පාරක් ගැහුවේ මාව එහෙම්මම සෝෆා එකට වැටෙන්න.. ජිමින් මට මීට කලින් කවදාවත් ගහලා නෑ.. එයා සාදාරනය්.. එයාට තරහා යන්න ඇති.. මම නොදන්න මනුස්සයෙක් එක්ක අර විදියට ඉන්නකොට..

" තමුසෙ දන්නවද ඒ කව්ද කියලා.. "

" ඔව් මම දන්නවා.. !!"

" තමුසෙ එසේ මෙසේ මිනිහෙක් එක්ක නෙමේ සෙල්ලම් කරන්නේ ලයිලා.. "

ජිමින් වේගෙන් හුස්ම ගන්න ගමන් දෙතුන් පාරක් එහාට මෙහාට ඇවිද්දෙ එයාම එයාව සන්සුන් කරගන්න... මම තාමත් වැටුන විදියටම සෝෆා එකට වෙලා ඉදගෙන හිටියා.. ජිමින් කොහොමද දැනගත්තේ මම එයා එක්ක කියලා..

" උබ ඔය අල්ලන්න හදන්නෙ එසේ මෙසේ අත්තක් නෙමේ.. මම කියන දේ අහපන්.. මට උබේ ජීවිතේ වටිනවා.. දැන්වත් ඔය මනුස්සයා එක්ක තියෙන කතාව නතර කරන්න.. "

ජීමින් මගෙ ගාවින් ඉදගෙන මගෙ කම්මුල පිරිමදින ගමන් කීවා.. එයා ගහපු පාරට මගෙ කම්මුල රතු වෙලා... ඇය් ජිමින් ජන්කුක්ට ඒ තරම් අකමැති ?
අනික ජන්කුක් කියන්නෙ කව්ද ?

" ඔයා ජන්කුක්ව දන්නවද ?"

හිතේ තිබ්බෙ ප්‍රශ්නෙ මම ජිමින්ගෙන් ඇහුවා..

" ඒ හිටියෙ සෝල් ක්ලබ් එකේ අයිතිකාරයා.. ඒ විතරක් නෙමේ මේ මුලු ලෝකෙම එක අතකට ගන්න පුලුවන් මනුස්සයෙක් ඉන්නවනම් ඒ ඌ විතරය්.. ඌ මනුස්සයෙක් නෙමේ ලයිලා.. උට මනුස්සයෙක් කියන්න බෑ.. ඌ රාක්ශයෙක්.. ගෑනුන්ගෙ ජීවිත උට හරියට සෙල්ලම් බඩු වගේ.. මට බය අද උන දේත් එක්ක.. "

මම එකපාරටම ශොක් වෙලා ගියේ ජිමින් කීව දේ නිසා.. ජන්කුක් කියන්නේ එතකොට මැරයෙක්ද ?

" ජේකේ කියන්නෙ මැරයෙක් නෙමේ.. මුලු ලෝකෙම තියෙන මාෆියාවල ලීඩර් එයා.. මට පුදුමය් තමුසෙ ඌව නොදන්න එක ගැන.. "

LUCIFERWhere stories live. Discover now