Chapter 14

197 46 5
                                    


මම ආපහු මන්දිරේට ආවෙ කොහොමද කියලා මම දන්නෙ නෑ.. ඒත් උදෙන්ම නැගිටිනකොට මම හිටියෙ මගෙ ඇද උඩ.. අර මෝඩයා මාව මොන මොන දීපන්කරේක එක්ක ගියාද දන්නෑ..

" ගුඩ්මෝනින් ටේහ්‍යුන්, "

මම පඩි බහින ගමන් ලිවින් රූම් එකට එන ගමන් කීවෙ ටැබ් එකත් අතේ තියාගෙන මොනාද කර කර හිටපු ටේහ්‍යුන්ට.. ඒත් ටේහ්‍යුන් කලේ එයාගෙ ලොකු කන්නාඩි දෙක අස්සෙන් මගෙ දිහා මහ අමුතුවට බලපු එක..

" හරිම ශෝක් කෙල්ලෙක් නැගිටින වෙලාවක්ද මේ ???"

" ඇය් කීයද දැන් වෙලාව ??"

" 12:15 යි "

දෙවියනේ මම මෙච්චර වෙලා නිදාගෙනද ? කමක් නෑ ඊයෙ රෑ මට නිදාගන්න පරක්කු උනානෙ.. ඒත් කෝ ජන්කුක් ?? මම හැමතැනම ඇස් යවන ගමන් හෙව්වෙ ඒ රූපෙ...

" ඔහොම බලලා ඇස් දෙක උලුක් කරගන්න ඕනෙ නෑ.. ජන්කුක් මීටින් එකකට ගියා.. තව පැය බාගයකින් විතර එයි.. "

එයා කොහොමද දන්නෙ මම ජන්කුක්ව හොයන්නෙ කියලා.. කමක් නෑ ඉතිම් මගෙ ප්‍රශ්නෙට උත්තරේ ලැබුනනේ.. මම එහෙම්මම කිචන් එකට ගියේ බඩ ගොර ගොර ගාන්න ගත්ත නිසා.. කෑම කාලා එහෙම්මම ආපහු මම පහලට එනකොට ජන්කුක් ඇවිත්.. එයා මම එනවා දැකලා එකපාරටම මගෙ දිහා බැලුවේ කිසි හැගීමක් නැතුව..

ඒත් එකපාරටම මගෙ ඔලුවෙ ගිනිගෙඩි පත්තු උනා වගේ මතක් උනේ ඊයෙ එයා මට කියපු දේවල්.. පහලට එන්න ගත්ත අඩිය එහෙම්මම උඩට තියලා මම හැරෙන තැපෑලෙන් මගෙ කාමරේට දිව්වා... එයා යක්ශයෙක්.. දෙවියනේ මම කොහොමද ඒක අමතක කරලා ආයෙ එයා ගැන හිතන්න පටන් ගත්තේ.. සොෆියා එක්ක ඕන කුදයක් ගහගන්න කියලා මම මගෙ ප්‍රානය බේරගන්න හිතාගෙන මට තිබ්බ ඇදුම් දෙක තුන බෑග් එකකට ඔබාගත්තා..

" රෑ වෙලා වැඩේ පටන් ගමු.. "

මම එහෙම්මම ආයෙත් පොඩි නින්දක් දැම්මේ දොර ලොක් කරගෙනමය්.. ඒ ගමන් ලිලීටත් මැසේජ් එකක් දැම්මා.. එන්න එන්න කරුවල වීගෙන එනවා කියලා තේරෙනකොට මම කලේ මගෙ බෑග් එකත් උස්සගෙන හිමීට පහලට බහින්න ගත්ත එක.. මගෙ වෙලාවට ලිවින් රූම් එකේ එක මනුස්ස පරානයක් නෑ..

LUCIFERWhere stories live. Discover now