Chapter 9

199 45 15
                                    


               මුලු දවසම මම පහුවදා නිදාගත්තෙ මුලු රෑම නින්දක් නැති නිසා වෙන්න ඇති... අනේ මම හොස්පිටල් එකට කීවෙත් නෑ මම එන්නෙ නෑ කියලා.. අනික ජිමින් බය වෙලා ඇති..
මම එක එක විකාර හිත හිත හවස් වරුවෙම හිටියා... අනිත් දේ තමා මට එපා වෙලා තිබ්බෙ හැම තැනම බාගෙට ඇදගෙන වැඩ කරන ගෑනු ටිකව දැකලා..

" ලයිලා.. "

         ටේහ්‍යුන් මගෙ කාමරේට ඇවිත් මට කතාකලා.. මම තාමත් ඇදට වෙලා ඔහේ කල්පනා කර කර හිටියේ...

" ටේහ්‍යුන් මට ෆෝන් එක දෙන්න පුලුවන්ද?"

" ලයිලා.., මට සමාවෙන්න.. ඒක කරන්න බෑ "

     ටේහ්‍යුන් ලොකු හුස්මක් අරගෙන බිම බලාගෙන කීවා.. ටේහ්‍යුන් කෙලින්ම ගිහින් කාමරේ ජනෙල්වල තිබුන කර්ට්න් ටික අයින් කලා..

" හොදටම රෑ වෙලා ලමයෝ.. ෆ්ලයිට් එක පාන්දර දෙකට.. දැන්ම ලෑස්ති වෙන්න වෙනවා.. "

" අනේ මට යන්න බෑ.. "

         මට මුකුත් කියන්න ලැබුනේ නෑ.. ටේහ්‍යුන් කාමරෙන් එලියට ගියා.. ඒත් එක්කම මාව සර්වන්ලා දෙන්නෙක් එක්කගෙන ගියේ උඩම තට්ටුවේ තියෙන දොරකින් ඇතුලට...

" වාව්.. ! "

        ඒ දොරෙන් ඇතුලට ගිය ගමන්ම තිබුනේ එහා මෙහා පේන කලුපාට ලොකු කර්ට්න් එකක් වගේ එකකින්  වටේ ආවරනය කරපු ලොකු පොකුනක් වගේ එකක්...

" මිස් ඇදුම් ටික අයින් කරන්න.. "

         මම මගෙ ඇදුම් ඔක්කොම ගලවලා දාල ඒකට බැස්සා.. එතන මාරම ලස්සනය්.. නිකන් අර පරන රජකාලෙ රජවරු නාපු තැනක් වගේ.. මම හිතුවෙ නෑ මේ මන්දිරේ ඇතුලෙ මෙහෙම තැනක් තියෙයි කියලා..

     මම ඒකෙ කෙලවරට ගිහින් ඉදගත්තට පස්සෙ අර ගෑනු ලමයි දෙන්නා ඇවිත් මගෙ ඇගේ එක එක එව්වා ගාන්න ගත්තා... දවස් ගානකට පස්සෙ මගෙ ඇගට හරි අමුතු සුවදායී බවක් දැනුනා.. ඇස් දෙක පියාගෙන මම හිටියේ මගෙ මූනෙත් මොනාද අතුල්ලනකොට...

" ඇස් අරින්න මිස්."

       මම මගෙ ඇස් දෙක ඇරලා වට පිට බැලුවා... ඒත් මගෙ ඉස්සරහින් ඒ ලොකු ටබ් එකේ එහා පැත්තෙ කෙලවරේ හිටියේ ජන්කුක්.. එයා ඒකට හේත්තු වෙලා මගෙ දිහා බලාගෙන හිටියා... ගෑනු ලමයි දෙන්නෙක් එයාගෙ ඇගේ මොනාද ගාලා මසාජ් කරනවා.. එයාගෙ සික්ස් පැක් පිරුන උඩුකය මම දැනුය් හරියටම දැක්කේ...

LUCIFERWhere stories live. Discover now