Chapter 16

305 45 15
                                    


" උබව එව්වෙ කව්ද කියපන්.. "

" මොකාටද උබ වැඩ කරන්නෙ පරයා.. "

           තේ එකක් බොන ගමන් පහලට ආව මට ඇහුනේ කවෘ හරි කෑගහන සද්දයක්.. මම එහෙම්මම ඉක්මනට පහලට දුවගෙන එනකොට දැක්කෙ ජන්කුක් කාටද අල්ලගෙන හොදටම ගහනවා... ජන්කුක් ගාවට යන්න ගිය මාව ටේහ්‍යුන් හරස් කලා..

" ලයිලා ඔයා යන්න රූම් එකට..."

" ටේහ්‍යුන් , කව්ද එයා ??"

" ඒවගෙන් වැඩක් නෑ ලයිලා.. කියන දේ අහලා උඩට යන්න.. "

        ඒත් එක්කම මගෙ දිහා බලපු ජන්කුක් ආයෙත් අර මනුස්සයාට අල්ලගෙන ගහන්න ගත්තා... උඩට යන්න අඩිය තිබ්බත් ආයෙත් මම හැරිලා බැලුවේ ඒ මනුස්සයා දිහා... ඒ ඇස් රතුම රතු පාටය්... මගෙ දිහා වියරු වැටුන හිනාවකින් බලාගෙන ඉන්නවා..

" මම තමුසෙට එක පාරක් කීවා.. උඩට පලයන්!! "

      ජන්කුක්ගෙ කෑගැහිල්ලට මාව ගැස්සිලා ගියා... බයෙන් බයෙන් වේගෙන් මම උඩට දුවලා ගිහින් කාමරේ දොර ලොක් කරගත්තා... අර පහල හිටිය මනුස්සයාගෙ මූන මට තාම මැවිලා පේනවා.. මූන පුරා රැව්ල වවාගෙන හිටිය ඒ රූපෙන් පෙනෙන්නෙ ටිකක් වයසක පෙනුමක් උනත් එයා තරුනය් කියලා මට හිතුනේ.. මම හිතන්නෙ මම පැය බාගයක් විතර ඇදට වෙලා එක එක විකාර කල්පනා කරන්න ඇති... මාව පියවි සිහියට ආවෙ දොරට ගහන සද්දෙ නිසා..

" ලයිලා, මේ දොර අරින්න.. "

" ජන්කුක් ??"

        මූන පුරා ලේ ගාගෙන ඇවිත් හිටිය එයාගෙ සුදුපාට ශර්ට් එක පුරාම තිබුනෙ ලේ.. එතකොට අර මනුස්සයා මැරුනද ?? මම භය වෙලා වගේ බලන් ඉන්න බව දැක්ක නිසා වෙන්න ඇති ජන්කුක් එයාගෙ ශර්ට් එකේ බට්න් එක දෙක ගලවන ගමන් ඇතුලට ආවා... එයා එහෙම්මම ගියේ බාතෲම් එකට.. බාතෲම් එකෙන් මූන සෝදගෙන එයා ආපහු කාමරේට ආවෙ ශර්ට් එක ගලවලා දාලා..

" තමුසෙ මොකද නිකන් හොල්මනක් දැකලා වගේ භය වෙලා ??"

             ජන්කුක් ටික ටික මගෙ ගාවට ඇවිත් ඇද උඩින් ඉදගත්තා.. කලුපාට ට්‍රව්සර් එකට විතරක් ආවරනය වෙලා තිබුන එයාගෙ ඇග දිහා මම හිමින් හිමින් බැලුවේ එයාටත් නොදැනෙන්න...

LUCIFERWhere stories live. Discover now